728x90 AdSpace


  • Latest News

    Sunday, November 20, 2016

    PANDAN LEAF YELLO RICE(රාම්පේ මිශ්‍ර කහ බත්)


    කහ බත් කිවූ සෙනින් අපි හොදින් දන්නා රසකි.නුමුත් එම රසය රම්පේ සුවදත් රම්පේ රසයත් එක්වූ විට කහ බතේ රසය සුවද කටට කෙල උනනවා පමණක් නොව එය ඉතාමත් රසවත්ය.
    Pandan Leaf Yellow Rice, එනම් රම්පේ ඉස්ම සමගින් පිසින රසවත් බතකි.මෙය සේක සිම ඉතාමත් පහසුය.



    අවශ්‍ය ද්‍රව්‍ය:

    බාස්මති හෝ සුදුරු සම්බා සහල් කිලෝ 01 යි


    රම්පේ ඉස්ම කෝප්ප ½ යි(රම්පේ ඉස්ම සැදීම සදහා රපේ කොටා හෝ රන්පේ සමග පොල් සමග කොටා ඉස්ම ගතහැක.කුඩා වරිගයේ රම්පේ නම් වඩාත් හොඳයි)





    ගමිරිස් ඇට තේ හැඳි 01 යි

    ඉගුරු මේස හැඳි 01 යි හොඳින් අබරගත්


    තෙල් ,බටර්,එළවළු ගිතෙල් මේස හැන්ඳ බැගින්


    සුදුළුණු මේස හැඳි 01 යි හොඳින් අබරාගත්.
    රතුළුණු මේස හැඳි 01 යි හොඳින් අබරගත්
    පොල් කිරි කෝප්ප 06 පමණ (බත් පිස ගැනීමට අවශ්‍ය පමණයට ඔබට අවශ්‍ය ආකාරයට එහි කිරි ගතිය අඩු වැඩි කල හැක.පොල් කිරි සැක සීමේදී පළමු කිරි ,දෙවන කිරි, තෙවන කිරි වශයෙන් ගත හැක)
    කහ ඔබට  අවශ්‍ය  වර්ණයේ ප්‍රමාණයට.(කහ වැඩිය නොකරන්න කහ රසය ඉස්මතු වේ).

    සැරසීම සදහා:

    බිළුණු රවුම් ලෙස කපා බැද ගන්න
    බැද ගත කජු


    රෙසින්ස්(වියලන ලද කළු මිදී අවශ්‍ය නමි පමණක් )

    දෙළුම් ඇට(රතු පාට ටින් වැඩි ඒවා වඩාත් හොඳයි)

    කුළු බඩු මිශ්‍රණය සදහා:

    කොත්තමල්ලි මේස හැඳි 02 යි.


    සුදුරු තේ හැඳි 01 යි.
    මදුරු තේ හැඳි 01 යි.
    බැදගත් තේ  උලු හාල් හැඳි 01 යි.
    එන්සල් (කරඳමුගු) 7-10 පමණ.
    කාරබුනැටි 6-8 පමණ.
    කුරුඳු පොතු  කැබලී 01 යි.

    කුළු බඩු මිශ්‍රණය සකස් කර  ගැනිම සදහා :

    කුළු බඩු මිශ්‍රණය සදහා හොඳින් කුඩුකොට බත් පිසීමේදී එකක් කර හැක. නැතිනම් උලුහාල් හැර අනෙකුත් දේ කැලී සිටින සේ අබරා උලුහාල් සමග  පිරිසිදු රෙදි පොට්ටනියක් බැද බත් පිසීමේදී එක්කරගත හැක.වඩාත් හොඳ ක්‍රමයන්නපෝට්ටනිය භාවිතා කිරීමයි මතක තබා ගන්න පොට්ටනිය ඉතා ලිහිල්ව බැදීය යුතුය.

    සාදන ක්‍රමය :

    පොල් කිරි භාජනයකට  දමා කුළුබඩු පොට්ටනිය දමා  හොඳින් හැදී ගාමින්  තැබෙන්න හරින්න.
    බත් පිස ගන්න භාජනයකට තෙල්,බටර්,එළවළු ගිතෙල් දමා ලිපේ තබන්න.ඉගුරැ,සුදුළුනු,රතුළුණු එයට එක්කර බැදෙන්න අතරේ හොඳින් වතුර බෙරා ගත් සහල් එක්කර හොඳින් මඳ වේලාවක් තෙම්පරාදු කර ගන්න.
    එම තෙම්පරාදුවට රම්පේ ඉස්ම එකතු කර ගන්න.
    හොඳින් තෙම්පරාදු වූ පසු උණු පොල්කිරි සමග කුළු බඩු පෝට්ටනිය මෙයට එක්කරන්න බත් පිස ගන්න.බත අඩක් තැම්බෙනා විට හොඳින් මිශ්‍ර කොට මඳ ගින්නේ තම්බා ගන්න.
    බත පිසුණු පසු පෝට්ටනිය  ඉවතට ගෙන ගම්මිරිස් ඇට එක්කර නැවත කවලම් කොට වසා තබන්න.
    එසේ පිසගන්නා ලද PANDAN LEAF YELLO RICE එක ඔබ කැමැති බන්දෙසීයකට දමා කජු,බැඳ ගති ළුණු ,රෙසින්ස් හා අවශ්‍ය පමණ ලුණු
    එක්කර වර්නවත් කර උණුසුම්ව පිළිගන්වන්න.





    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: PANDAN LEAF YELLO RICE(රාම්පේ මිශ්‍ර කහ බත්) Rating: 5 Reviewed By: Admin
    Scroll to Top