728x90 AdSpace


  • Latest News

    Friday, November 18, 2016

    SINGAPORE CHILI CRAB(සිංගපුර් ච්ලී ක්‍රෑබ්)

    ලෝකයේ අතිශ්‍යයන් ජනප්‍රිය Singapore Chili Crab සදහා යොදා ගන්නේ ශ්‍රී ලාංකීය කකුළුවන් බව ඔබ දන්නවාද?  ඒ ජනප්‍රිය Singapore Chili Crab අපි නිවසේදීම සකස් කර රස විදිමු

    අවශ්‍ය  ද්‍රව්‍ය:

    කකුළුවන් කිලෝ 01 යි(කලපු  කකුළුවන් නම් වඩාත් හොඳයි එහි පැහෙය රසය වැඩි කරයි. සිංගපුර් භාවිත කරනුයේ ශ්‍රී ලාංකීය කපු කකුළුවන්ය)
    ඉගුරු පෙතී ලෙස  කපාගත් ග්‍රෑම් 100 යි
    පොඩියට කපාගත් සුදු ලුණු මේස හැඳි 02 හෝ 03 යි
    පොඩියට කපාගත් ලුණු මේස හැඳි 02 යි
    ඔයිස්ට සෝස් මේස හැඳි 02 යි
    ඩාර්ක් සෝයා සෝස් මේස හැඳි 02 යි
    සෝයා සෝස් මේස හැඳි 02යි
    තක්කාලි සෝස් මේස හැඳි 04 යි
    ච්ලි සෝස් මේස හැඳි  01 යි
    අබරගත් කහ හෝ කුඩු තේ හැඳි 01 යි
    peanut oli මේස හැඳි 03 හෝ 04(ඔබ කැමති තෙල් වර්ගයක් භාවිතාකළ හැක රසය වෙඩි වන්නේ ඉහත සාදන් oli වලිනි)
    Julienne ක්‍රමයට එනම් සිහින් දිග අතට කපා ගත ලුණු කොළ ග්‍රෑම් 150 යි
    Julienne ක්‍රමයට කපාගත් බෙල් පේපර් හෝ මළු මිරිස් ග්‍රෑම් 250 යි
    Julienne ක්‍රමයට කපාගත රතු වියලි මිරිස් කරල් 02 හෝ 03 යි
    ලුණු හා ගම්මිරිස් ඔබගේ රස අනුව
    සුප් කැට 01 යි
    කොන් පිටි ග්‍රෑම් 40 යි
    බිත්තර සුදු මද 02 හෝ 03 යි
    වතුර කෝප්ප 02 පමණ
    චීලී පේස්ට් මේස හැඳි  03 යි
    රයිස් වයින් හෝ කුකිං වයින් සුවල්පයක් (ඔබට අවශ්‍ය නම් පමණක්)
    සරසා ගැනීමට දොඩම් ගෙඩියක් කළු ඔලිව්  ගෙඩි 02 හා පාස්ලි
    මෙහි ලුණු ,සොස් වර්ග ඔබගේ රසය අනුව වෙනස් කල හැක.

    සාදන ක්‍රමය:

    තක්කාලි සෝස්,සොයා සෝස්,ඔයිස්ට සෝස්,කහ.චිලි සෝස් එකට කවම් කර පසෙක තබන්න.
    කකුළුවන් තෝරා ගෙනිමේදී තරමක විශාල කකුළුවන් තෝරා ගන්න.එය කොටස් වලට කැපීමට හා පිලියල් කිරීමට පහසුය.












    කකුළුවාගේ කටුව ඉවත් කර ගන්න ඉන් පසු ක්ලොව්ස් ද  ඉවත් කර ගන්න එය කොටස් හතරකාට කාපා ගන්න.ක්ලොව්ස් කොටස් හතරකට  කපා ගන්න .කොටස් 8 කැපන ලද කකුළුවා හොඳින් වතුර කරමෙට  අල්ලා සෝදා ගන්න.
    කකුළුවාගේ මස් පෙනේන ප්‍රදේශ වලට ලුණු ගම්මිරිස් ඉසින්න(සීසන් කරගන්න)ඉන් පසුව බිත්තර සුදු මද කොටසක් අලේප කර එහි කොන් පිටි කොටසක්  තවරා ගන්න.
    තෙල් රත්වූ පසු කොන් පිටි තවරා ගත් කකුළුවා කොන් පිටි සහිත පැත්ත බැදෙනසේ  හරවා තබන්න. ටික වෙලාවකින් හොඳින් කවලම් කර මද ගින්නේ සුළු වේලාවක් තබන්න.එයට සුසුලුනු ,ඉගුරු,ලුණු,කොටසක් පමණක් දමා කවලම් කර මද වෙලාවකට පසු වතුර කෝප්ප 02 දමා එයට සුප් කැට එක්කරන්න.ඉන්පසුව ඉතිරි සියලුම ද්‍රව්‍ය(ලුණු කොළ හා මළු මිරිස් හැර) එක්කර ගන්න .හොඳින් කලවම් කර මද ගින්නේ විනාඩි 6-8 පමණ කාලයක් මුඩිය වසා පිස ගතයුතු වේ.
    ඉන් පසුව ඉතිරි කොන් පිටි කොටස උකු දියරයක් සේ සකසා කැකුළු කාරියට ටිකක ටික එකතු කර කාරිය ග්‍රේවී එක තරමක උකු ගතියට හරවා ගන්න.
    දෙන් මළු මිරිස් සහ ලුණු කොළ එක්කර ගන්න.(ක්‍රමානු කුලව එක්කර ගන්න)
    ඉතිරි කර ගත් බිත්තර සුදු මද හොඳින් තට්ටු කර (බිට් කර) කකුළුවන්ගේ කටු මතට වෙටෙන ලෙස ටික ටික එක්කර  ඉතා ප්‍රවේසමෙන් කවලම්  කරගන්න හොඳින් කටුවල තෙවරෙන ආකාරයට.
    එසේ පිසගත්  SINGAPORE CHILLI CRAB දොඩම්, ඔලිව් සහ පාස්ලි  නිර්මාණාත්මකව සකසා රස විදින්න
    මතක තබා ගන්න උණුසුම්ව රස විදින තරමට මෙහි රසය තවත් වෙඩි වෙයි.




    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම් මිතුරන් අතරේ share කරන්න









    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: SINGAPORE CHILI CRAB(සිංගපුර් ච්ලී ක්‍රෑබ්) Rating: 5 Reviewed By: Admin
    Scroll to Top