728x90 AdSpace


  • Latest News

    Thursday, February 2, 2017

    අමු තුනපහ නැත හොත් අමුපහේ වට්ටෝරුව

    අමු තුනපහ නැත හොත් අමුපහේ වට්ටෝරුව


    ඔබගේ ආහාරය සුවඳවත් හා රසයෙන් ගුණයෙන් දෙගුණ තෙගුණ කර ගන්න අපි නිවසේදීම  පිරිසිදුව අමු තුනපහ සකස් කර ගමු


    ඔබම සකස්කර තුනපහ ආහාර එකතු කොට බලන්න කොතරම් ආහාර රසවත් ද කියා...

    මතක තබාගන්න කුළු බඩු ගන්න විට අලුත් කුළු බඩු පමණක් භාවිතා කරන්න.

    කොතමල්ලි,සුදුරු ,මාදුරු හොඳින් සෝදා ගරා ගල් වැලී ඉවත් කොට හොඳින් වියලා ගන්න.සියලුම කුළු බඩු නැවුම් හා පිරිසිදු කුළු බඩු පමණක් භාවිතා කරන්න.

    අමුපහේ සෑදීම සඳහා  අවශ්‍ය ද්‍රව්‍ය:

    කොත්තමල්ලි ග්‍රෑම් 250 යි.


    සුදුරු ග්‍රෑම් 150 යි.


    මාදුරු ග්‍රෑම් 100 යි.


    අඟල් 1 ½  හෝ 2 කුරුඳු පොතු කැබැලක් පොඩියට කඩාගත්.


    කරාබුනැටි 10 හෝ 12 යි.


    කරදමුංගු කරල් 18 හෝ 20 යි.


    හොඳින් සෝදා වියලා ගත් අලුත් කරපිංචා කොළ කෝප්ප ½ පමණ



    රම්පේ අඟල් පමණ කැලී 04 හොඳින් වියලාගත්




    ගම්මිරිස් ඇට මේස හැඳි 01 යි.


    උළුහාල් මේස හැඳි 01 යි.


    සුදු කැකුළු හාල් මේස හැඳි 03 යි.


    තෝර පරිප්පු  මේස හැඳි 01 යි.(කඩල පරිප්පු)


    අඟලක සේර බඩ කැබැලක් හොඳින් වියලාගත්




    වියලි මිරිස් කරල් 5 හෝ 6 යි.


    අබ ඇට තේ හැඳි 02 යි.


    සාදන ක්‍රමය:

    සියලුම කුළු බඩු වෙන වෙනම හොඳින් සෝදා අව්වේ වියළා ගන්න
    කුළු බඩු බැද ගැනීම සදහා හොඳ කට පළල් ඝණකමින් යුතු භාජනයක් භාවිතා කරන්න.


    අමුපහේ බැදගත් පහේ මෙන් බැද ගැනීමට අවශ්‍ය නැත.කුළු බඩුවල තෙතමනය ඉවත් වන තෙක් පමණක් බැද ගන්න එනම් විනාඩි 12 පමණ බැද ගන්න.

    එසේ බැදෙන විට තුනපහ සුවඳ විහිදේ විනාඩි 12 පමණ පසු උඳුනින් ඉවත් කොට විනාඩි 10 පමණ තබා හොඳින් ග්‍රයින්ඩරයක දමා හොඳින් සියුම් වන සේ කුඩු කර ගන්න.



    හොඳින් පේරේනයකින් හලා භාජනයකට  සුළන් නොවදින ලෙස අසුරා තබා ගන්න.



      



    • Blogger Comments
    • Facebook Comments

    1 comments:

    Item Reviewed: අමු තුනපහ නැත හොත් අමුපහේ වට්ටෝරුව Rating: 5 Reviewed By: Admin
    Scroll to Top