ඔබ රස බලා තිබෙනවද ?
බිට්රූට් වලින් හැදුව චට්නි
එය ඉතා රසවත් වගේම ඔබගේ
ආහාර වේල වර්නවත් කරයි. බත් පන් හෝ අතුරු
සමග රස විදියැහැක.
බීට්රූට් චට්නී
Beetroot Chutney
අවශ්‍ය ද්‍රව්‍ය :
බීට්රූට් කිලෝ 01 යි
රතුළුණු ග්‍රෑම් 240 යි
ඇපල් ග්‍රෑම් 800 යි
කහ දොඩම් ග්‍රෑම් 440 යි
සුදු සීනි ග්‍රෑම් 220 යි
ලේමන් පෙතී 3 -4 යි
ලේමන් මේස හැදී 2 යි
සුදු විනාකිරි (ව්යිට්
විනිගර් ,white vinegar) මිලිලීටර් 500 යි(පොල් විනාකිරි භවිතා කරනේන්ම් අඩුවෙන්
භාවිතා කරන්න ,මෙහි වඩාත් හොද රසයක් ඉස්මතු වන්නේ white vinegar භාවිතා කිරීමෙනි.)
ඉදුණු රතු මිරිස් 1-2 යි
සුදු ලුණු බික්කක්
කොත්තමල්ලි තරමක කුඩු
කරගෙන මේස හැදී 1 යි
සදන ක්‍රමය :
බිට්රූට් හොඳට සෝදා වියලුණු පසු ඉතා කුඩාවට කපාගන්න
(chopped), ලුණු , ඇපල්(පොතු ඉවත් කොට),දොඩන්(රේණු),මිරිස්, ද කුඩාවට කපා
ගන්න.බිට්රූට් microwave හෝ හුමලයේ හොදින් මෙලෙක් වනතෙක් තම්බගන්න.තාම්බා ගත් බිට්රූට්
හා අනෙකුත් ද්‍රව්‍ය ලොකු භාජනයක එක්කර ටිකක් වැඩි උණුසුමෙන් සීනි හොදින් උණුවන
තෙක් පිස ගන්න. සීනි දියවූ පසු අඩු ගින්දරේ මිශ්‍රණය ඝන වන තෙක් පිස ගන්න (පැයක්
පමණ)
එසේ සකස්
කරගත් බෙට්රූට් චට්නිය හොදින් වියලුණු භජනයක උදුනෙන් ගත් විගසම අසුරන්න. ඇසුරුම
උණුසුම සහිතවම සිල් කරන්න(හොදින් වෙසෙන මුඩියකින් වසන්න).
0 comments:
Post a Comment