728x90 AdSpace


  • Latest News

    Monday, November 28, 2016

    ගාලික් කන්කුන්

     ඔබ දන්නවාද විටමින් දණ්ඩේ රස
    GARLIC KANKUN
    ගාලික් කන්කුන්


    චනිස්  කැම වේලේ නැතුවම බැරි ගාලික් කන්කුන්. ඉතාම රස හා ගුණවත් ආහාරයකි.කන්කුන් හඳුන් වන්නේ විටමින් ඳඬලෙසයි.එම වචනයෙන්ම ඔබට තේරුම් යනු ඇත කන්කුන් කොතරම් ගුණදායකද කියා.
    අවශ්‍ය ද්‍රව්‍ය :
    කොළ පැහැතී කිරිකන්කුන් මිටි 01 යි.(කිරි කන්කුන් යනු ගොඩ හැදෙන කොළ පැහැයෙන් යුතු කන්කුන්ය වතුරේ හැදෙන තරමක් දුඹුපැහැතී කන්කුන් දිය කන්කුන්වේ  වඩාත් කිරි රසයෙන් යුතේ කිරි කන්කුන්ය.)
    බිලුනු ලොකු  ගෙඩි 01 යි.(සිහින්ව කපාගත්)
    බිලුනු ලොකු ගෙඩි 04 යි .(අඟලක ප්‍රමාණයෙ කලී කපාගත්)

    සුදු විනාකිරි තේ හැඳි  01 යි.(white vinegar)


    අමුමිරිස් කරල් 06 යි.( ඇට ඉවත් කර දිග අතට සිහින්ව කාපාගත්)
    ලීක්ස් සුදු පැහැතී කොටස 2 යි (දිග අතට සිහිව කපාගත්)
    සොයා සෝස් මේස හැඳි 02 යි.
    ඔයිස්ට සෝස් මේස හැඳි 02 යි.
    කොළ පාට ලොකු තක්කාලි ගෙඩි 01 යි.
    ඉඟුරු තේ හැඳි 02 යි.(අරාගත්)
    සුදුලුනු තේ හැඳි 04 යි. (අඹරාගත්)
    සුදුලුනු ලොකු බිකි 10-12 යි(දිග අතට කපාගෙන).
    ගම්මිරිස් තේ හැඳි 01 යි.
    සුප් කැට තේ හැඳි ½ යි.

    තේල් මේස හැඳි 04 හෝ 05 යි.
    අබ සුවපයක් (කෑලී කරගත්)
    සීනි රස අනුව.
    ලුණුරස අනුව.
    සැරසිම සදහා රතු දිග මිරිස් කරල් 02 -3 දිග අතට තීරු කපාගාත් හා බැද ගත් සුදුලුනු බිකි කීපයක්.

    සාදන ක්‍රමය :
    කන්කුන් හොඳින් සෝදා හොඳින් වතුව බේරා ගෙන අඟල් 4 ප්‍රමාණයට කෑලී කඩා ගන්න(කපනවාට වඩා කඩා ගැනිම රසය වැඩිකරයි).
    චීන ආහාර සැක සිම සදහා වඩාත් යෝග්‍ය වන්නේ කට පළල් වොක් එකකි.


    වොක් එක උන්දුනේ තබා (තරමක් වෙඩි ගින්දර පිසිය යුතු ආහාරයකි).තේල් ටික එකරන්න තෙල් උණුසුම් වනවිට ඉඟුරු, සුදුලුනු(අඹරාගත්), බිලුනු(සිහින්ව කපාගත්) අබ ඒකර හොඳින් මිශ්‍ර කරගන්න.එම මිශ්‍රණයට ලිකිස් හා ලොකුවට කෑපු ලුණු,තක්කාලි එකතු කර ගන්න. හොඳින් කවලම් කර ගන්න(ටොස්  කරගන්න).ඉන්සසු අමුමිරිස් ඒක්කර ගන්න.

    ඉපසු සොයා සෝස් හා ඔයිස්ට සෝස් ඒකරා ගන්න හොඳින් ලොකු හැඳ කින් ටොස් කරගන්න.(සොයා සෝස් ඒකර ලුණු එකතු කල යුතුය සොයා සෝස් ලුණු ඇති නිසා)
    රස බලා ලුණු හා සුප් කෑ½ ඒක්කරා ගන්න.
    ඉන්පසු කන්කුන් එක්කර මෙයද හොඳින් ටොස් කල යුතුය.සුදුලුනු එකරන්න හොඳි ටොස් කරමින් විනාඩි 3 පමණ පිස ගන්න (කන්කුන් තරමක හැපෙන ගතියෙන් තිබිය යුතුය)
    White vinegar එක්කර ගන්න.


    හොඳින් ටොස් වූ කන්කුන් වලට සීනි එකරගන්න.සීනි ලුණු ඔබගේ පදම අනුව රස කර ගන්න කන්කුන් උඳුනෙන් පැතලි පිගනකට එක්කර ගන්න කන්කුන් පිසූ වොක් එකටම රතු මිරිස් හා බැදගත් සුදු ලුණු ඒකර ටොස් කර කන්කුන් ටික සරසා ගන්න


    මතක තබාගන්න උණුසුම්ව පිළි ගැන්විය යුතුය එයින් රසය වඩාත් ඉමතුවේ.
    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න



      
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගාලික් කන්කුන් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top