728x90 AdSpace


  • Latest News

    Thursday, November 24, 2016

    BREAD BURFI


    බ්‍රෙඩ් බර්ෆි

    පාන් වලින් හඳන ඉන්දියාවේ ඉතා  ජනප්‍රිය  ආහාරයකි.තේ වෙලාවට ඉක්මනින් පසුවෙන් සාදාගත හැකී අපේ රටේ වැලි තලප රසයට සමාන කම් ඇති රසවත් රස කැවිලි වර්ගයකි.

    අවශ්‍ය ද්‍රව්‍ය :          

    පාන් පෙතී 3 හෝ 4,යාන්තමට කබලේ බැද කැලී සිටින සේ කුඩු කරගත් පාන් කුඩු කෝප්ප 02 යි.

    සීනි කෝප්ප 01 යි.

    කරදමුංගු තේ හැඳි කාලයි.

    බටර් මේස හැඳි 5-6 යි

    සිහින්ව කපාගත් කජු ,ආමනඩ් ,වෝල් නාට් කෝප්ප 01 යි( අවශ්‍ය නම් එක් වර්ගක් භාවිතා කල් හැක)



    කිරි කෝප්ප 01 යි.

    අවශ්‍ය නම් ආමන්ඩ් ,රෝස ,වැනිලා එසන්ස් භාවිත කල හැක.

    සදන ක්‍රමය:

    පාන් කබලක බැද කුඩු කර ගන්න. එසේ කුඩු කර ගත් පාන් හොඳින් හැඳි ගැමට හැකී පෑන් එකකට දමාගන්න.පාන් කුඩු ටික රන්වන් පාට වන තුරු හොඳින් කවලම් කරමින් මද ගින්දරේ  බැඳ ගන්න.



    පාන් ලා රන්වන් පැහැය වන  විට  සීනි ටිකටික ඒකර ගන්න.සීනි යතමින් කෑරමල් වීමට සලස්වමින් හැඳි ගන්න.සීනි උණු වීමට නොදී ගින්දර් අඩු කර ගන්න.සීනි ලා රතු පැහෙය වන තෙක් හැඳි ගන්න.
    ලා රතු පැහැයට හැරෙන විට කිරි,කරදමුංගු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ පිස ගන්න.මිශ්‍රනය ක්‍රමයෙන් ඝණන අතට හැරෙන විට  කජු ,ආමනඩ් ,වෝල් නාට් එකතු කර ගන්න.




    දිගටම මද ගින්නේ හොඳින් ඝණ වන තෙක් හැඳි ගන්න.ටික ටික ඝණ වන විට බටර් ටික එකතු කරන්න.බටර් ටික හොඳින් දිය වූ පසු හොඳි මිශ්‍ර කරගන්න.
    මිශ්‍ර ණය හොඳින් එකතුවී තනි බෝලය ආකාරයට ඝණවී එක්වුනු පසු උන්දුනෙන් ඉවතට ගෙන හොඳින් බටර් තැවරු පැතලි පිඟානක සෙන්ටි මිටටයක ඝණකම්ව  හිඩැස් නොසිටිනසේ තුනී කර ගන්න.
    අවශ්‍ය නමි කජු බිකි වලින් සරසා ගන්න එක් කොටුවකට එකක් සේ.හොඳින් නිවුනට  පසු කැලී කපා රස විදින්න.


    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: BREAD BURFI Rating: 5 Reviewed By: Admin
    Scroll to Top