728x90 AdSpace


  • Latest News

    Wednesday, March 22, 2017

    නිවසම සුවදවත් කරන හා නිරෝගී සුව ගෙනෙන අපේ බැදපු පහේ වට්ටෝරුව ,බැදපු කළු පහේ නොහොත් බැදපු තුනපහ, Black curry powder or Roasted curry powder



    නිවසම සුවදවත් කරන හා නිරෝගී සුව ගෙනෙන  අපේ බැදපු පහේ වට්ටෝරුව
    බැදපු කළු පහේ නොහොත් බැදපු තුනපහ
    Black curry powder or Roasted curry powder




    බැදපු පහේ අපේ ආහාර රසය ගුණය දෙගුණ තුගුණ කරන  අතර කුකුල් මස් , මස් වර්ග  ,මළු,ඉස්සෝ ,දෑල්ලෝ,කකුළුවෝ,පොළොස් ඇතුලු ආහාර සුවදින් හා රසයෙන් පුරවාලයි.ආහාර මගින් ඇතිවන අතුරු අභාධ,අශ්මීකතා,අජිරණ,වැනි රෝග තාවයන් පාලනය කරන අතර අප අතරේ බොහෝ ජනප්‍රිය රෝග කාරක බවට පත්ව ඇතී දියවැඩියාව,අධි රුධිර පීඩනය,කොලොස්ට්‍රොල් ප්‍රශ්ණ,හා බොහෝ බෝනොවන රෝගා භාදයන්ට  ගොදුරු වීමෙන් වැලකිය හැකී අතර බෝවන රෝග වලින් වැලකිමේ ප්‍රතිශක්තිකරණ මෙම පහේ වල අඩංගු කුළු බඩු වලට  හැකියව ඇත. අපි මෙතරම් අගය ඇති අපේම පහේ නිවසේදීම සකස් කරමු වෙළද පොළෙන් ගෙනේන කොත්තමල්ලි   ගොඩක් පිරුණු පහේ වලට වැඩිය කොතරම් රසවත්ද ගුණදායකය එසේම සුවද වත්ද කියා ඔබ නිවසේදීම සකස් කොට බලන්න ඔබට වෙනස හා සුවද රසය හදුනා ගත හැක
    එසේම ලෝකයේ හොඳම කුළු බඩු ඇත්තේ අපේ රටෙය නමුත් අපි එම කුළු බඩු වලින් හරි ප්‍රයෝජන ගන්නවද
    මතකතබා ගන්න කුළු බඩු ගන්නා විට අලුත් පිරිසුදු කුළුබඩු භාවිතා කරන්න,හොඳින් සිරිසිදු කොට හිරු එළියේ වියලා ගන්න කරදමුංගු ගන්නා විට හොඳ කොළ පැහැතී ඒවා ගන්න කොළ පැහැය නොමැති ඒවා තෙල් ලබා ගත් කරදමුංගුය එහි ගුණයෙන් අඩුය .   
    මතක තබාගන්න බැදපු තුනපහ සකස් කරන විට කිසිවිටක සියලුම තුනපහ වර්ග එකට බැගන්න එපා එයට හේතුව වන්නේ තුනපහ වර්ග ඝනකමින් වෙනස් නිසා සමහර පහේ අනවශ්‍ය ලෙස පිළිස්සීමට ලක් විය හැක එසේ වීම තුලින් එහි ඖෂධිය ගුණය හානියට පත්වේ.එනම් ගුණාත්මක පහේ සකසා ගැනීමට සදහා සුලු සුලු කරුණු ගෙන සැලකිලි මත් වන්න.   

    අවශ්‍ය ද්‍රව්‍ය :

    කොත්තමල්ලි ග්‍රෑම් 250 යි.


    සුදුරු ග්‍රෑම් 150 යි.


    මාදුරු ග්‍රෑම් 100 යි.


    කළුදුරු  මේස හැඳි 02 යි


    වියලි මිරිස් කරල් 08 පමණ.


    අබ මේස හැඳි 02 යි.


    උළුහාල් මේස හැඳි 03 යි.


    ගම්මිරිස් මේස හැඳි 03 යි.


         

                                    
    රතු කැකුළු හාල් මේස හැඳි 03 යි.


    තෝරා පරිප්පු මේස හැඳි 01 යි.


    අඟල් 3 පමණ කුරුඳු පොතු කැබැල්ලක්.


    කරාබු නැටි 12 පමණ.


    කරදමුංගු 20 පමණ (එනසල්)


    අඟලක පමණ සේර බඩ කැබැලක්( හොඳින් වියලන ලද)


    කරපිංචා  කොළ කෝප්ප ½  පමණ .( හොඳින් වියලන ලද)


    රම්පේ අඟලක පමණ කැලී 04 පමණ.( හොඳින් වියලන ලද)



    සාදික්කා ගෙඩි කාලක් පමණ .


    කුරුදු කොළ 02 හෝ 03 ක්.( හොඳින් වියලන ලද)





    වසාවාසි කැබලි 02 ක්.( හොඳින් වියලන ලද)



    ඉඟුරු පියළි 04 පමණ


    කොත්තමල්ලි ,සුදුරු ,මදුරු හැර අනෙකුත් දෑ ඔබගේ රුචිය අනුව අඩු වැඩි කර ගත හැක
    අපේ කුළු බඩු නොවන ස්ටාර් ඇනිස්,බෙලිෆ් වැනි දෑ එකතු කර ගත හැක නමුත් අපේ රසය වෙනස් වනු ඇත.

    සාදන ක්‍රමය:

    කොත්තමල්ලි ,සුදුරු ,මදුරු ,කළුදුරු වෙන වෙනම  දුඹුරු පැහැ හරේන තෙක්  බැද ගන්න සුවද හා එහි තෙල් ගතිය පැමිණෙන තෙක්  ඉන් පසු  ලිපෙන් ඉවතට ගෙන වෙනත් බඳුනකට දමන්න




    කරපිංචා ,රම්පෙ ,සේර ,කුරුදු කොළ පෙර සේම බැදගන්න එයද පෙර බඳුනට එකතු කර ගන්න





    ගම්මිරිස් ,අබ,උළුහාල්,පෙර ලෙස බැද පෙර බඳුනට එකතු කර ගන්න.




    කුරුඳු ,කාරබුනැටි,කරදමුංගු,වසාවාසි .සාදික්ක,ඉගුරු පියලිය ,පෙර සේම  බැද ගන්න එයද පෙර බඳුනට එකතු කර ගන්න






    හාල් සහ තෝරා පරිප්පු දුඹුරු පැහැ හරේන තෙක්  බැද ගන්න එයද පෙර බඳුනට එකතු කරගන්න.




    අවසානේ මිරිස් ටික තරමක් රන් පැහෙය එනම් දුඹුරු පැහැ හැරේන තෙක්  බැද ගන්න එයද පෙර බඳුනට එකතු කර ගන්න.






    මදක් සිසිල් පසු හොඳින් අරා ගන්න.





    හොඳින් පේරේනයකින් හලමින්  අඹරා ගන්න හොඳින් සිසිල්වූ පසු සුලන් නොවදින ලෙස අසුරා තබාගන්න




    හැකිනම් ඇසුරුම් භාජය හා එදිනදා භාවිතා කිරීම සදහා  කුඩා භාජනයකට ටිකටික එකතු කොට භාවිතා කරන්න සුවද නැවුම් සොභාවය කාලයක් රදවා ගත හැක  රසය 
    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න  



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නිවසම සුවදවත් කරන හා නිරෝගී සුව ගෙනෙන අපේ බැදපු පහේ වට්ටෝරුව ,බැදපු කළු පහේ නොහොත් බැදපු තුනපහ, Black curry powder or Roasted curry powder Rating: 5 Reviewed By: Admin
    Scroll to Top