728x90 AdSpace


  • Latest News

    Saturday, November 26, 2016

    ලොව තිබෙන රසවත්ම ආදරණිය පානය

    FALOODAෆලුඩා

    ෆලුඩා නම ඇසුව සැනෙන් අපට කටට කෙල උනනවා. ලෝකයේ ජනප්‍රියම හා ලෝකයේ තියන රසවත්ම බිම කිවොත් නිවැරදිය ලොව ආදරණිය පානයකි .අද අපි නිවසේදීම සැදීමට යන්නේ ලොව තිබෙන රසවත්ම බිමක් බව මතක තබා ගන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    කස කසා ඇට තේ හැඳි 8-10 පමණ.(Bessel seeds)



    ස්ට්‍රෝබේරී ජෙලි පැකට 01 යි.

    කිරි කෝප්ප 4-5 යි.

    ටින් කිරි තේ හැඳි 6-7 යි.

    සීනි රස අනුව (සිරප් සදහා සීනි භාවිත වේ)
    ෆලුඩා සිරප් තේ හැඳි 6-8 (ඔබගේ රස අනුව අඩු වැඩි කරගත හැක)

    වර්මසිලි නුඩ්ස් පොඩි ප්‍රමාණයක් Rice vermicelli (මෙයද අඩු වැඩිකර ගත හැක ඔබ අකමැතිනම්  වර්මසිලි නොමතිව සැකසිය හැක)

    වැනිල අයිස් ක්‍රීම් එක වීදුරුවකට එක් ස්කුප් එක බැගින් (06 පමණ මෙයද රස අනුව වෙනස් වේ.අඩු වැඩි කර ඒක්කර ගත හැක)

    ෆලුඩා පිළිගැන්වීමට අලංකාර තරමක උසින් වැඩි විදුරු අවශ්‍ය වේ.

    Falooda syrup (ෆලුඩා සිරප්) සැදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය

    සීනි කෝප්ප 2 යි.

    වතුර කෝප්ප 03 යි.

    රෝස වතුර තේ හැඳි  02 යි.

    රෝස එසන්ස් බින්දු 1 හෝ 2 යි.

    රතු කලරින් තේ හැඳි 01 යි.

    ෆලුඩා සිරප් සාදන ක්‍රමය:
    ප්‍රථමයෙන් ෆලීඩා සිරප් සකසා ගමු .සීනි ,වතුර, රෝස වතුර , රෝස එසන්ස්, රතු කලරින් භානයකට මිශ්‍ර කරගන්න.විනාඩි කීපයක් උණු කර ගන්න.සිසිලි වීමට පසේක තබන්න.(මෙම සිරප් එක මස කීපයක් තබිය හැක)


    සාදන ක්‍රමය:

    ස්ට්‍රෝබේරී ජෙලි පැකැටුව එහි සාදන් ආකාරය සකසා ශීතකරණයේ තබන්න.ඝණ වූ පසු කොටු හැඩයේ කැලී කාපා සකස් කොට  ශීතකරණයේ තබන්න.




    කිරි ,ටින්කිරි සහ සීනි රස අනුව මිශ්‍ර කොට බෝතලයක අසුරා ශීතකරණයේ තබන්න.

    සිසිල් වූ ෆලුඩා සිරප් ද ශීතකරණයේ තබන්න.
    Rice vermicelli උණු වතුරෙන් තම්බා පෙරා ශීතකරණයේ තබන්න.
    ෆලුඩා පිළිගැන්වීම සදහා සකස් කිරීම
    කස කාසා අට පැයකට පමණ පෙර  පෙගෙන්න දමන්න.




    ෆලුඩා පිළිගන්වන විදුරු හොඳින් සෝදා පැය කට පමණ පෙර ශීතකරණයේ තබන්න.
    එසේ ශීතකරණයේ තබු විදුරු, vermicelli, ෆලුඩා සිරප්, කිරි, ස්ට්‍රෝබේරී ජෙලි , ශීතකරණයේ ඉවතට ගන්න.
    පොඟවා ගත් කස කාසා ඇට වතුර තිබේනම්  වතුර බේරා හරින්න.
    මෙම සකස් කල මිශ්‍රණය විදුරු 06 හෝ 07 සැහේ.
    වීදුරුවක් ගෙන මුලිම්ම කස කාසා ඇට තේ හැඳක් හෝ ඔබට කැමැති ප්‍රමාණයක් එකරගන්න.
    ෆලුඩා සිරප් දෙවනුව ඒක්කර ගන්න මේසියලු දේ ඔබගේ රුචිය අනුව සකස් කර ගන්න.
    ඉන් පසු කිරි ඒක්කර ගන්න එයට vermicelli කැමැති ප්‍රමාණයක් එක්කරගන්න.
     කොටුවට කපා ගත් ස්ට්‍රෝබේරී ජෙලි එක්කරන්න.
    නැවත කස කාසා ඇට ටිකක් එක්කර ගන්න.
    උඩින්ම  වැනිල අයිස් ක්‍රීම් එක වීදුරුවකට එක් ස්කුප් එක බැගින් හෝ ඔබගේ කැමැතී ප්‍රමාණයක් අයිස් ක්‍රීම්   එක්කර පිළිගැනවන්න.
    සියලු මිශ්‍රන අඟලක ප්‍රමාණයේ සිටින සේ තාට්ටු වශයෙන් එක්කර ගන්න.
    තවත් වර්ණවත් කර ගැනීමට සදහා වියලි පාට පාට පළතුරු කුඩාවට කාපා උඩින් ඉස ගන්න.

    මතක තබා ගන්න පිළිගැන්වීමට ආසනයේ ෆලුඩා සැකසිය යුත්තේ. 







    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලොව තිබෙන රසවත්ම ආදරණිය පානය Rating: 5 Reviewed By: Admin
    Scroll to Top