728x90 AdSpace


  • Latest News

    Friday, November 25, 2016

    චයිනීස් චිලී පේස්ට්

    CHINESE CHILI PASTE


    චයිනිස් ආහාරයන්ගේ නැතුවම බැරි චිලි පේස්ට්.නිවසේදීම සිරිසිදුව සකසගමු .චිලි පේස්ට් සැදීමේදී එයින් ලැබෙන තෙල් (oli) එනම් චිලි ඔයිල් ආහාර වර්ග තෙම්පරාදු කිරීමේදී හා සුප් වර්ග සදහා භාවිත කරනු ලබන සුවිශේෂී තෙල් වර්ගයකි.චිලි පේස්ට් සැදීමේදී  රස රසකින් පිරි චිලි ඔයිල් නොමිලේම ලබේ.
    නාසිගුරන් බත්, ෆ්යිඩ් රයිස් වෙනි බත්,ඉස්සෝ,ඩේවල් වර්ග,අල ,පරිප්පු, චිලි ඔයිල් වලින් රස ගැන්විය හැක.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    ලී මිරිස් ග්‍රෑම් 100 යි.(කලී මිරිස් ගන්න විට හොඳ වර්ගයේ රතු පෙහැයෙන්යුත් මිරිස් මිලදී ගන්න )

    සුදුලුණු බිකි 12-15 පමණ(ඉතා පොඩියට කපාගත්)

    ඉඟුරු මේස හැඳි  02 යි.(හොඳින් අරාගත්)

    සීනි මේස හැඳි 02 යි .රසය අනුව වෙනස්වේ.


    කුනීඉස්සන් ග්‍රෑම් 50 යි.(හොඳින් සෝදා වියලා ගෙන සිහිව කපා ගත් කුනීඉස්සන්)



    තේල් කෝප්ප  3 යි.(හොඳ තෙල් වර්ගයක් භාවිත කරන්න )


    සොයා සෝස් මේස හැඳි  03 යි
    බිලුනු ගෙඩි 02 යි (ඉතා පොඩියට කපාගත්)


    රතුලුනු ගෙඩි 04 යි (ඉතා පොඩියට කපාගත්)


    රස පරිදි ලුණු
     ඔබ අවශ්‍ය නම් පමණක් අජින මොටෝ රස අනුව.

    සාදන ක්‍රමය:

    මතක තබා ගන්න  චිලි පේස්ට් ඉක්මනින් සාදා ගත නොහැක. මද ගින්නේ ක්‍රමානු කුලව සැක සිය යුතු වන අතර ඉතා ඉවසීම අත්‍යාවශ වේ.මිරිස් හා අනෙකුත් ද පිලිස්සිමෙන් තොරව පිස ගත යුතුවේ.මෙය ආහාර රස ගනවන  චිලි ජම් වර්ගයකි.



    ඝණකමින් යුතු හොඳින් කවලම් කර හැකී තරමක විශාල භාජනයක් භාවිත කරන්න .එම භජනය උඳුන මත තබා තෙල් එක්කරන්න. අඩු දින්දරේ තෙල් රත් වීමට සලස්වන්න.සෙමෙන් සෙමෙන් රත් වන තෙල් වලට බීලුනු හා රතුලුනු ඒක් කර  විනාඩි 10 පමණ අඩු ගින්දරේ තෙම්පරාදු කර ගන්න.



    ඉන් පසුව සුදුලුනු හා  ඉඟුරු එකතු කර ගන්න එය තෙම්පරාදු වනවිට කුනිඉස්සෝ ඒකරා ගන්න.විනාඩි 10 පමණ තෙම්පරාදු කර ගන්න.
    න් එයට මිරිස් කලී එකතු කර ගන්න.එම මිශ්‍රණයට ලුණු ටිකක් ඒකරා ගන්න.මද වේලාවක් තෙම්පරාදු වීමට හැර ඔබගේ රස ප්‍රමාණයට ලුණු හා සොයා සෝස් ඒකරා ගන්න.මෙම මිශ්‍රණය අඩු ගින්දරේ විනාඩි 40 හෝ 50 පමණ පිසිය යුතුය.


    මතක තබා ගන්න මිශ්‍රණය කර නොකළ යුතුය එවිට කර රස නිසා චිලි පේස්ට් නියම රසය ඉස්මතු නොවී තිත්ත රසයක් ගනියි.එය ජම් එකක් ආකාරයට පිස ගතයුතුවේ.එසේම චිලි පේස්ට් කර කර ගා හැපෙණ බැදුමක් නොවේ.එකියන්නේ චිලි ජම් පේස්ට් එකකි.
    විනාඩි 40-50 අතර කාලයේදී චිලි එකට එකතු වී තෙල් වෙන්වෙන මිශ්‍රනයක් දකගත හැක.දැන් උඳුනේ ගින්දර නිවා උඳුනෙන් ඉවත් කොට සීනි එකතු කරගන්න. සීනි එකතු කර ගත් මිශ්‍රණය විනාඩි 5 පමණ පසෙක තබන්න.සීනි හොඳි මිශ්‍ර වූ පසු නැවත උඳුන මත තබා වැඩි ගින්දරේ විනාඩි 10 පමණ රත් කරගන්න. සීනි කෑරමල් නොවිය යුතුය.


    ඉන් පසුව උඳුනෙන්  ගෙන ජිවනු හරණය කරන ලද බෝතලයක උණුසුම්ව අසුරන්න. මෙය සතියක් දෙකක් කල්තබා ගත හැක.
    දිනකට පසු ඔබට ඉතාමත් රසයෙන් පිරි චිලි ඔයිල් වෙන්කර ගත හැකිවේ.



    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න..


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: චයිනීස් චිලී පේස්ට් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top