728x90 AdSpace


  • Latest News

    Sunday, November 27, 2016

    දිව්‍යමය රස ගෙනෙන චොකලට් ෆජ්

    CHOCOLATE FUDGE
    චොකලට් ෆජ්


    නම අසු සැනෙන් උණුසුම් තේ කෝප්පයක් හෝ උණුසුම් කොප්පි කෝපයක් සමග රස බලන්න ඇත්නම් කොතරම් අගේද ඔබට එහි  නම කිවූ සෙනෙන් දිව අගට රස දෙනෙනු ඇත.එය ඉතමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැක.බටහිර රටල් සලකන්නේ  චොකලට් ෆජ් දිව්‍ය ලෝකයේ  ගෙනආ  රස කමක් ලෙසය.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    තද දුඹුරු පැහැතී චොක්ලට් (Dark cooking chocolate)ග්‍රෑම් 550 යි.

    ටින් කිරි ටින් 01 යි.

    බටර් ග්‍රෑම් 50 යි.

    කජු කලී පොඩි ප්‍රමණයක්(රෝස් කරන ලද කජුනම් වඩාත් රසවත්)

    සාදන ක්‍රමය:

    බේකින් ට්‍රේ එකක් හොඳින් බටර් තවරා ඔයිලි පේපරයක බටර් තවරා  අතුරා ගන්න.

    Dark cooking chocolate කුඩා කලී වලට කපා ගන්න.

    ටින් කිරි ටින් 01 යි, බටර් ග්‍රෑම් 50 යි.එකතු කොට මිශ්‍ර කරගන්න.
    එම මිශ්‍රණය ඩබල් බොයිල් ක්‍රමයට උණුකර ගන්න.(ඩබල් බොයිලි යනු මදක් ලොකු භාජනයකට වතුර පුරවා එම වතුර උනුසුම් වන විට තබු භාජනයට  වාඩා කුඩා භාජනයක් එම වතුරේ පාවීමට තබා එයට  ලබෙන උණුසුමින් පිස ගැනිමයි).





    එම මිශ්‍රණය උණුසුම් වනවිට කුඩාවට කපාගත් Dark cooking chocolate මිශ්‍රණයට එකතු කරන්න.හොඳින් දිය වීමට හැර වැනිලා එක්කර ගන්න.
    හොඳින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රණයට කජු ඒක්කර  ගන්න.කජු සුවල්පයක් ඉතිරි කර ගන්න උඩින් ඉසීම සදහා.





    මතක තබා ගන්න චොකලට් ෆජ් වැඩි වේලාවක් කිරි ටොෆි මෙන් පිස නොගන්න එයින් චොකලට් ෆජ් ඝණ බවින් වැඩිවේ.
    Dark cooking chocolate උණුවූ පසු කලින් සකසා ගත් බේකින් ට්‍රේ එකට මිශ්‍රණය දමන්න.අඟලක තරම් මහත සිටිනසේ ඉතා අලංකාරව තුනී කරන්න.

    ඉතිරි කරගත් කජු ටික උඩින් ඉස උණුසුම අඩුවූ විට ශීතකරණයේ තබන්න.
    පැය 01-02 පසු ඉවතට ගෙන කලී කපා රස විදින්න.

    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න

    බලන්න ඔබ මේ ෆජ් රස විද තිබේද කියා කොතරම් රස රසක්ද කියා


















































    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දිව්‍යමය රස ගෙනෙන චොකලට් ෆජ් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top