728x90 AdSpace


  • Latest News

    Monday, February 6, 2017

    Rainbow Cupcakes රේන්බෝ කප්කේක්



    Rainbow Cupcakes
    රේන්බෝ කප්කේක්

    දේදුණු පාටින් හැඩකළ කේක් ලෝකේ පුංචි සුරංගනාවී රේන්බෝ කප්කේක්.






    කප්කේක් 20 සඳහා

    අවශ්‍ය ද්‍රව්‍ය:

    බටර් ග්‍රෑම් 230 යි.


    සීනි ග්‍රෑම් 360 යි.


    පාන් පිටි ග්‍රෑම් 425 යි.


    බේකින් පවුඩර් තේ හැඳි 03 යි.


    බිත්තර 04 යි.


    කිරි මිලිලීටර් 350 යි.


    වැනිලා තේ 02 යි.


    කේක් කලරින් ඔබ කැමති පාට 06 යි.


    බටර් ක්‍රීම් අයිසින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

    බටර් ග්‍රෑම් 250 යි.


    අයිසින් සීනි ග්‍රෑම් 400 යි.


    වැනිල තේ හැඳි 01 යි.


    කිරි මේස හැඳි 01 යි.


    ඔබ කැමති කේක් කලරින් පාට කිහිපයක්.


    අලංකාර කිරීම සඳහා පාට පාට හා ගෝල්ඩ්  ස්ප්‍රින්කල්ස් මේස හැඳි 04 හෝ 5 යි.




    සාදන ක්‍රමය:

    පේපර් කප්කෙක් 20 හා කප්කේක් 20 බේක් කරගත හැකී මෆින් ට්‍රේ එකක්,සියල්ලම හොඳින් බටර් තවරා එකට කර පසෙක තබන්න.

    ඔබගේ උඳුන (අවන්) එක අංශක 180°ට  පෙර උණුසුම් වෙන්න තබන්න.බෝල් 06 කට පාට 06 එකතු කරගන්න(ඔබ කැමැති  ආකාරයට පාට අඩු වැඩි කර ගන්න)
    එයද පසෙක තබන්න.

    කේක් සැදීමට ගන්න සියලු ද්‍රව්‍ය කාමර උෂ්ණත්වය පැමිණෙන තෙක් තැබිය යුතුය.(බටර්,බිත්තර වැනි දෑ ශිතකරයෙන් පිටතට ගෙන අවම වශයෙන් විනාඩි 30 වත් තබන්න)

    බෝල් එකකට බටර් එකතු කර ගන්න එය විනාඩියක් පමණ ක්‍රීම් වනතෙක් බිට්කරගන්න.එයට සීනි එකතු කර ගනිමින් හොඳින් ක්‍රීම් වනතුරු බිට් කරගන්න.


    එම මිශ්‍රණයට වරකට එක බිත්තරය බැගින් එකතු කර මින් හොඳින් බිට්කරගන්න.වැනිලා එකතු කර ගන්න.






    බේකින් පවුඩර් සහ පිටි හොදින් පෙරේනයකින් කිහිප වරක් හලාගන්න එම පිටි මිශ්‍රණය බටර් හා බිත්තර මිශ්‍රණයට ටික ටික එකතු කර ගනිමින් ස්පැතියුලා හෝ පැතලි හැන්දකින එක් අතකට පමණක් කවලම් කරමින්  කරකවමින් හොඳින් මිශ්‍ර කර ගන්න
    එම අතර වාරයේ දීම කිරි ටික ටික එකතු කර ගන්න.



    මේ සියලුම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වූ පසු එක හා සමානව බෙදා බෝල් 06 යට කේක් මිශ්‍රණය එකතු කර ගන්න, කේක් කලරින් පාට සමග හොඳින් මිශ්‍ර කර ගන්න.






    එම පාට 06 න් යුතු කේක් මිශ්‍රණය ඔබගේ රුචිය අනුව එක හා සමානව පේපර් කප් වලට එකතු කර ගන්න.



    එසේ සකසා ගත් කප් කේක් මිශ්‍රණය පෙර සුදානම් කල උඳුනේ තබා විනාඩි 15 හෝ 20 අතර කාලයක් සුලුස්සා ගන්න




    එසේ බේක් කර ගත් කප් කේක් ඉවතට ගෙන හොඳින් සිසිල් වීමට තබන්න.


    බටර් ක්‍රීම් අයිසින් සාදන ක්‍රමය:

    බටර් සහ අයිසින් සීනි හොඳින් බිට් කර ගන්න.එහි ඝණත්වය අනුව කිරි එකතු කර ගන්න ටික ටික එකතු කර ගන්න.වැනිල එකතු කොට හොඳින් මිශ්‍ර කරන්න.





    ඔබ කැමති වර්ණයන් එකතු කොට ප්යිපින් බෑග් බටර් ක්‍රීම් අයිසින් පුරවන්න කැමති නොසල් වර්ග යක් භාවිත කොට අයිස්න් මලක් නිර්මාණය කරන්න.



    ඒ මතට රේන්බෝ ස්ප්‍රින්කල්ස් උඩින් ඉසින්න.



    විනාඩි 10 පමණ ශිතකරන්යේ තබා පිළිගන්වන්න.















    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Rainbow Cupcakes රේන්බෝ කප්කේක් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top