728x90 AdSpace


  • Latest News

    Monday, November 21, 2016

    LUCY

    ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා.
    මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්.
    මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම.
    මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට.
    ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.




    ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා??
    එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්?
    මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා.
    ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද?
    මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.


    ඉහතන් ඇති link එකෙන් film එක download කර ගන්න


    https://yts.ag/movie/lucy-2014

    film එක කොහොමද කියන්නකෝ අපිටත් like or comment us
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: LUCY Rating: 5 Reviewed By: Admin
    Scroll to Top