නෙලුම් අල සලාදයLOTUS ROOT SALAD
නෙලුම් අල ඉතාමත් මෙන්ම
ගුණය අතින් පරිපුර්ණය.නෙලුම් අලවලින් සැකසු රසවත් සලාදයක් .සකසා ගැනිම ඉතාමත් පසුය.
අවශ්‍ය ද්‍රව්‍ය:
නෙලුම් අල ග්‍රෑම් 500
යි.
සිහින්ව කපාගත් ලුනු ග්‍රෑම්
50 යි
සිහින්ව
කපාගත් අමු මිරිස් කරල් 2-3(ඔබගේ රසය අනුව) යි
උම්බලකඩ තේ
හැඳි 2-3 යි
සිහින්ව තීරු ලෙස කපාගත් තක්කාලි ග්‍රෑම් 50 යි
ගම්මිරිස් කැබලි
තේ හැඳි 01 යි
දෙහි යුෂ තේ
හැඳි 01 යි(ඔබගේ රස අනුව) යි
ලුණු ඔබගේ රස
අනුව
උකු පොල් කිරි
මේස හැඳි 01 (රසය හා ගුණය වැඩිවේ, අත්‍යවශ්‍ය නොවේ)
මීපැණි තේ හැඳි
01යි (රසය හා ගුණය වැඩිවේ,අත්‍යවශ්‍ය
නොවේ)
ඔලි ඔයිල් හෝ
virgin coconut ඔයිල් තේ හැඳි 01 යි(රසය
හා ගුණය වැඩිවේ,අත්‍යවශ්‍ය
නොවේ)
ගැඹුරු තේ වල බැද ගැනිම සදහා තෙල් අවශ්‍ය ප්‍රමාණයට ඔබ කැමැති තෙල් වර්ගයක්.
කහ තේ හැඳි ¼ යි
සාදන ක්‍රමය:
නෙලුම් අල හොඳින් මඩ යන්න සෝදා ගන්න,නෙලුම් අල දෙකට කපා
බලන්න අල අතුලතද මඩ තිබේ.
හොඳින් සෝදා දිය බේරන්න.
සිහින්ව රාඋන් හැඩතිව පෙතී කපාගන
ලුණු සහ කහ එක්කර මද වේලාවක් තබා ගැඹුරු තේලේ රන්වන් පැහෙය වන තෙක් බැඳ ගන්න. හොඳින් තෙල් බේරීමට පසෙක තබන්න.
උම්බලකඩ සමග ලුනු ,අමුමිරිස් ,තත්කාලී,ගමිරිස් කැලී,ලුණු,දෙහි
යුෂ කුඩා ප්‍රමාණයන්ද පොල් කිරි, virgin coconut ඔයිල්,මී පැණි, එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
එම මිශ්‍රනයට හොඳින් තෙල් බේරාගත් නෙලුම් අල එක්කර කවලම්
කර ගන්න.ඉන් සසුව ඉතිරි සියලුම (ලුනු,තක්කාලි,අමුමිරිස්,ගම්මිරිස්,දෙහි යුෂ)කලමන එක්කර
ගන්න. ලුණු සහ ඇඹුල් ඔබගේ රසය පරිදි යොදා පිළි ගන්වන්න.
මතක තබා ගන්න ආහාර ගැනීමට සුදානම් වන අවස්ථාවේ දී සලාදය
මිශ්‍ර කරගෙනීම රසය මෙන්ම ගුණයද ඉස්මතුවේ.
අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
0 comments:
Post a Comment