ජින්ජර් බියර්
Ginger Beer
“ජින්ජර්
බියර් නෑතුව කෑම එපා” අපි
කන ආහාර වේලට අමුතුම රසයක් හා ආහාර රුචිය වැඩි කරන GINGER BEER අපි ඉතා පසුවෙන් නිවසේදීම සකසා ගමු.ඔබට ආඩම්බරයෙන් පිළිගැන්විය හැක හොම්මෙඩ්
GINGER BEER . ටිකක් සැර ආහාර වේලකට ජින්ජර්
බියර් කොතරම් රසවත් ද
මෙහි සකසන ක්‍රම රාශියක් ඇත එයින් ඉතාමත් ලේසියෙන් හා
පසුවෙන් සකස් කරන ක්‍රමයකි මෙම ක්‍රමය
අනෙකුත් ක්‍රම සදහා ටික කාලයක් ගතවේ (සති 2 හෝ 3 පමණ)
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉඟුරු ග්‍රෑම් 500 යි.(ලංකවේ ඉගුරු භාවිතා කරන්න තරමක්
පොඩි හොඳින් අතු විදුනු මහත ගතිය අඩු , හොඳ සැර ගතිය වැඩිය. ලංකාවේ ඉඟුරු වල විශේෂ අත්වයයි .එසේම ලංකාවේ ඉඟුරු රසයෙන් හා
ගුණයෙන් වැඩිය. ජින්ජර් බියර් අතිශ්‍ය රසවත් වේ ලංකිය ඉඟුරු භාවිතා
කිරීමෙන්)
දෙහි ගෙඩි 04 යි.
සීනි මේස හැඳි 7-8 පමණ රසය අනුව වෙනස් වේ.
සෝඩා බෝතල් 1 ½
යි.
කරාබුනැටි 10-12 පමණ
සාදන ක්‍රමය:
ඉඟුරු හොඳින් සෝදා ගන්න අතු අතරේ ඇති පස් හොඳි ඉවත් වනසේ
සෝදා ගන්න පොතු සුද්ද කිරීමට අවශ්‍ය නොවේ .පොතු සමගින් ගෙනිමෙන් එහි රසය වැඩිවේ.
එසේ
සෝදාගත් ඉඟුරු හොදින් වතුර බේරා ගන්න .
එය කුඩා ප්‍රමාණයේට කපාගන්න හොඳින් අඹරා
ගන්න හෝ බ්ලෙන්ඩ කරගන්න හෝදින් ඝණව ඇඹරිය යුතුය.(පේස්ට් එකක් සේ)
එයට කරාබුනැටි
එක්කර හොඳින් අඹරන්න.( කරාබුනැටි හොඳින් සියුම්ව මිශ්‍ර විය යුතුය) පසුව වතුර
කෝප්පයක් පමණ දමා අඹරා ගන්න.
එම මිශ්‍රණය හොඳින් මිරිකා විදුරු භාජනයකට පෙරා ගන්න.නැවත නැවත වතුර ටික ටික එක්කර අඹරා පෙරා ගන්න හැකී තරම්
උපරිම ඉඟුරු ඉස්ම ලබා ගන්න.
මතක තබා ගන්න හොඳින් පෙරා ගත යුතුය වතුර වැඩි නොකර
ගන්න ඝණව ඇඹරිය යුතුය .(රෙදි
හෝ පෙරනයකින් හොඳින් පෙරා ගන්න ඉස්ම පමණක් ).
ඉඟුරු ඉස්ම මිශ්‍රණයට ඇට ඉවත් කරගත් දෙහි ගෙඩි 04 රේ යුෂ එක්කර ගන්න. මිශ්‍රකර ගන්න
එම මිශ්‍රණයට සෝඩා බෝතල් 01 ½ එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.
මේසේ සේකසු මිශ්‍රණයට සීනි එක්කර ගන්න ඔබගේ රස පරිදි
නමුත් මතක තබා ගන්න සීනි රස ඉසිමතු නොවිය යුතුය . ඉඟුරු සැර සහ එහි රසයයි එස්මතු විය යුත්තේ.සීනි අඩු වූ
තරමට ජින්ජර් බියර් රසය වැඩිය.
මෙසේ සකස් කරගත් ජින්ජර් බියර් බෝතල් වලට ඇසුරා
ශිතකරන්යේ තබා හොඳින් සිසිල් වූ පසු
රසවිදින්න(පැ 5-6 පමණ අවමවශයන් සිසිල් කර
ගන්න ).වීදුරුව අලංකාර කොට හොම්මෙඩ් GINGER
BEER කියා පිළිගවන්න .
වීදුරුව හොඳින් සෝදා ශීතකරණයේ මද වේලාවක් තබා ගැනිමෙන් පිළි
ගන්නවන විට වීදුරුව පිටත හිම බෙදුනාක් මෙන් අලංකාර වේ.
අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න.
0 comments:
Post a Comment