ධන වාසනාව ගෙනෙන ලකී බැම්බෝ විසිතුරු නිර්මාණ
ලකී බැම්බෝ හෙවත් Lucky
plant නිර්මාණය සදහා හොඳ ඉල්ලුමක්
වෙළද පොළේ පවතියි සුන්දරත්වය මෙන්මවාසනාව කැනදන ශාකයක් ලෙසට හැදින්වේ Lucky bamboo
නිර්මාණාත්මකමල් සැලසුම් කලාවකි.
Lucky bamboo
සදහා හාවිතා කරනුයේ ඩ්‍රසීනා( Dracaena)කුලයට අයත් සැනඩ්‍රීයනා(Sanderiana)
ශකයයි.
මෙහි ප්‍රභේද
කිහිපයකි.
01.
සැනඩ්‍රයානා
ගෝල්ඩ් Sand Riana gold
02.
සැනඩ්‍රයානා
වික්ටරි Sand Riana victory
03.
සැනඩ්‍රයානා
වයිට් Sand Riana white
Lucky bamboo ශාකය
(weaving
style) විවීමේ
කලාවක් නිසා මෙම ශාකයට ආකර්ශ්ණිය බවක් ගන දේ.
Weaving style සදහා ක්‍රමදෙකක්
යොදා ගැනේ.
01.බඳුන් තුළ නිර්මාණය
02.පිටත
නිර්මාණය කර සිටවීම
පළමු ක්‍රමය
අවශ්‍ය දේ
· මේ සදහා
විවධ හැඩතී බදුන්
තෝරාගත හැකය.ප්ලාස්ටික්,සිමෙන්ති,මැටි,විදුරු ආදී ඕනෑම බඳුන් තෝරාගන්න. ඔබ තෝරාගන්නා බඳුනේ කට තරමක් පළල් විය
යුතුය.
·වගා මාධ්‍ය
සදහා කොහුබත්
·සැනඩ්‍රයානා
අතු
·හවායි රිබන්
පටි
· රබර් පටි
·කතුරක් (මල්
කපන)
· දිලීර නාශක
සකස් කරන
ආකාරය.
සැනඩ්‍රයානා
අතු රැගෙන කරටියේ(දල්ල ප්‍රදේශයේ)කොළ පමණක් ඉතිරි වන්නට අනෙක් කොළ ගලවා දමන්න.
කොළ ගලවා දැමිමේදී කඳට සම්බන්ධ පට්ටය(කොටස) ඉතිරිවනසේ ගලවන්න එපා. ඒ
පත්‍රයත් සමග පට්ටය ගලවාදමන්න.
ඉන්පසු අතු
සියල්ලම එකම ප්‍රමාණයට එකම උසකට සිටින ලෙස ගන්න.දැන් අතු දෙක බැගින් ගෙන ඉහළ කොටසේ
සිට උස අඟල් 2 ක් පමණ ඉහළින් හවායි රිබන් පටි යොදා
වෙන වෙනම තද කර ගන්න.
රූප සටහනට
අනුව කතිර හැඩයට අතු ඈත්කර ගන්න.ඒ ආකාරයට බඳුන් වටා
තබමින් කතිර හැඩයට සිටින සේ හවායි රිබන් පටි බැඳගන්න.
අතු එකිනෙක වියන විට එකම ප්‍රමාණයට බැඳගන්න. සැනඩ්‍රයානා
ඉතිවල කතිර මෝස්‌තර සිටින ආකාරයට වියාගන්න.
කොහුබත් වගා
මාධ්‍යය දීලිර නාශක යෙදු ජිවනුකර්ණය කර බඳුන්ට දමා සැනඩ්‍රයානා
අතු සිටුවා ගන්න.වියමන අවසානයේ ගැටගසා ගත් තැන් වල
ඇති දිග රිබන් පටි පිළිවෙලකට කපා දමන්න.
Lucky Bamboo
වියමන් රටා කිහිපයක්ඇත.
දෙවන ක්‍රමය
බඳුන් පිටතදී
නිර්මාණය කර බඳුනේ සිටුවන තවත් Lucky Bamboo
වියමනක් මෙහි දැක්වේ.Feng shui වලට අනුව විශ්ව ශක්තියේ ගුප්ත බලය සැනඩ්‍රීයානා ශාකයට ලැබේන බවට විශ්වාසයක් පවතී.
මෙම නිර්මාණය
සදහා තරමක් මහත සැනඩ්‍රීයානා අතු තෝරන්න.පත්‍ර
සියල්ල ගලවා දමන්න.අඟල් 8 ක් පමණ උස අතු තුනක් ගෙන
කරටි කපා දමන්න. මේ වියමන සදහා කරටි රහිත අතු ගන්න. ඇද නැතී මෙම අතු තුන එකටට තබා
රබර් පටියක් දමා තද කර ගන්න.
ඉන්පසුව අඟල් 6 ක් උසට සැනඩ්‍රයානා අතු 10 ක් හෝ 11 ක් ගන්න.රූපසටහනේ
පරිදි දෙවන තට්ටුව ලෙස තබා රබර් පටියකින් සිරකර ගන්න.
අඟල් 4 බගින් සැනඩ්‍රීයානා ඉති 15 ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් ගෙන 3 වන
තට්ටුව ලෙස තබා රබර් පටි යොදන්න.පසුව 3 වන තට්ටුව හවායි රිබන් පටියෙන් තදින් ගෙට
ගසා කොහුබත් මිශ්‍රණයට දිලීර නාශක යොදා ජීවානුහරණය කර පෝච්චියේ හිටවන්න.
සියලුම සැනඩ්‍රීයානා අතුවල උඩ කොටස් උඩට සිටින සේ මෙම නිර්මාණයට
යොදා ගන්න. අතපසුවීමකින් උඩ කොටසක් වගා මාධ්‍ය තුළ සිටවීමෙන් එම අතු විනාශ වී යයි.
එවිට ඔබේ නිර්මාණයට අගයක් නොලැබේ. සැනඩ්‍රීයානා අතු කපා ගැනීමේදී උඩ යට පැති මාරු නොවන සේ යටි
පැත්තේ තීන්ත සලකුණක් තබාගන්න.
මෙම නිර්මාණය බඳුන්ට දැමීමට පෙර සියලුම සැනඩ්‍රීයානා
අතු දිලීර නාශකවල බහා ගත්තේ නම් බැක්ටිරිය දිලීර ආසාදන වලට ලක්නොවේ.තරමක තුවාල
ඇත්නම්ඒ මතුපිට කොළ පාටින් රබර් තීන්ත ස්වල්පයක් තවරාගන්න.
මුල් අද ඇති
අතු අගින් දළු දමන තෙක් සිසිල් ස්ථනයක තබන්න.
0 comments:
Post a Comment