728x90 AdSpace


  • Latest News

    Saturday, January 21, 2017

    Sri Lankan Chinese Rolls චයිනීස් රෝල්ස්


    Sri Lankan Chinese Rolls
    චයිනීස් රෝල්ස්





    අවශ්‍ය ද්‍රව්‍ය:

    පෑන් කේක් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය:

    පන් පිටි ග්‍රෑම් 225 යි.


    කොන් පිටි ග්‍රෑම් 25 යි.



    බටර් මේස හැඳි  02 යි.


    බිත්තර කහ මද 02 යි.


    උණුකර නිවාගත් වතුර ¾ යි.


    සීනි තේ හැඳි ½ යි.


    රස අනුව ලුණු

    රෝල්ස් සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

    බිත්තර සුදු මඳ කිහිපයක්


    තරමක කලී සහිත පාන් කුඩු


    ගැඹුරු තේලේ බැද ගැනිම සදහා තෙල්.


    පාන් පිටි ග්‍රෑම් 25 පමණ


    පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

    මේ සදහා ඔබට කැමැති පිරවුමක් සකස් කර හැක.

    අල ග්‍රෑම් 150 යි.(තම්බා ගත්)


    කැරට් ග්‍රෑම් 25 යි.(ඉතා පොඩියට  කාපාගත්)


    ලීක්ස් කඳ කොටස ග්‍රෑම් 25 යි. (ඉතා පොඩියට  කාපාගත්)


    මිරිස් කැබලි තේ හැඳි 01 යි.


    කහ ,ලුණු ,තුනපහ,ගම්මිරිස් රස අනුව


    සුදු ලුනු,අමු මිරිස් ,ලුනු,කරපිංචා,රම්පේ අවශ්‍ය පමණ






    පොල් කිරි මේස හැඳි 01 යි.

    බටර් , මාගරින් හෝ තෙල් මේස 02 යි.


    සාදන ක්‍රමය:

    පිරවුම සාදන ක්‍රමය:

    තෙල් භාජනයක් ළිප තබා ලුනු ,සුදු ලුනු, බෙදෙන විට රම්පේ, කරපිංචා අමුමිරිස් කවලම් කරන්න.එයට

    කැරට්, ලීක්ස්,පොඩි කරගත් අල හා පොල් කිරි , කහ ,ලුණු ,තුනපහ,ගම්මිරිස් රස අනුව එකොට මද වේලාවක් මඳ ගින්නේ පිස ගන්න.

    නිවෙන්න පසෙක තබන්න.

    පෑන් කේක් සාදන ක්‍රමය:

    භාජනයකට බටර්, බිත්තර කහ, උණුකර නිවාගත් වතුර, සීනි,ලුණු,හොඳින් මිශ්‍ර කරන්න.
    එම මිශ්‍රණයට පාන් පිටි හා කොන් පිටි ටිකටික එකතු කරමින් පිටි කැට නොගැසෙන ලෙස හොඳින් කවලම් කරන්න. මිශ්‍රණය පෙරේනයකින්  පෙරා මෙය සිනිදු බැටරයවිය යුතුය.  පැය 02 හෝ 03 ශීතකරණයේ තබන්න.



    චයිනීස් රෝල්ස් සාදන ක්‍රමය:

    තොසේ සාදන ආකාරයට ඉතා සිනිදු පෑන් කේක් සාදාගන්න.







    පෑන් කේක් උණුසුම තිබිය දීම ඔබ සකස් කරගත් මිශ්‍රණය හරි මැදින් තබා දෙපෙත්ත තදින් නවාගෙන මිශ්‍රණය වෙසෙන සේ රෝල් කරන්න.






    බිත්තර සුදු මඳ  හා ලුණු එක්කර  හොඳින් ගසා ගන්න. එම මිශ්‍රණය සකස් කර ලද රෝල් ගිල්ලවා පාන් පිටි තවරන්න.නැවත සුදු මඳ මිශ්‍රණයේ ගිල්ලවා පාන් කුඩු දවටා ගැඹුරු තේලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.




    පෑන් කේක් සදහා කහ ඒකරා ගත් හැක.

    වතුර වෙනුවට කිරි බාවිතා කල හැක.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Sri Lankan Chinese Rolls චයිනීස් රෝල්ස් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top