728x90 AdSpace


  • Latest News

    Sunday, January 1, 2017

    Baby Jak Fruit Pickle පොළොස් අච්චාරු

    Baby Jak Fruit Pickle


    පොළොස් අච්චාරු

    අවශ්‍ය ද්‍රව්‍ය:

    කිලෝ ග්‍රෑම් 01 තරමක පොළොස් ගෙඩියක්.


    විනාකිරි කෝප්ප ½ යි.


     මේස හැඳි 01 යි.



    ගොරකා කැබලි 01 හෝ 02 යි.







    අඟලක පමණ මුරුංගා පොතු කැබලි 01 යි.


    ගම්මිරිස් ඇට තේ හැඳි 01 යි.


    කහ තේ හැඳි 01 යි.


    රතු ලුනු ගෙඩි පිටින් 12 යි.


    අමුමිරිස් පලා එට ඉවත් කර ගත් 5 හෝ 6 යි (යන්තම් ගැඹුරු තෙලේ බැදගත්)


    සුදු ලුනු ග්‍රෑම් 20 යි.


    සුදුරු තේ හැඳි ½ යි.


    වියලි මිරිස් කරල් 02 යි.


    සීනි තේ හැඳි 02 යි.


    වතුර ස්වල්පයක්

    රස අනුව ලුණු

    සාදන ක්‍රමය:

    පොළොස් ගෙඩියේ කටුව ඉවත් කර

    අඟලක තීරු කපා,

    එයට කහ ,ගොරකා දමා බෙරි නොකර වතුරෙන් තම්බා ගන්න.



    විනාකිරි  ස්වල්පයක් සමග අබ පැයක් පමණ පෙඟෙන්නට  හැර සිහින්ව අරා ගන්න.මේ සමග මුරුංගා පොතු, ගම්මිරිස් ඇට, සුදු ලුනු, සුදුරු, වියලි මිරිස් අඹරා ගන්න.



    මැටි භාජනයකට ඉතිරි විනාකිරි ,සීනි ,රතු ලුනු ගෙඩි, අමුමිරිස් හා අඹරාගත් ද්‍රව්‍ය එකතු කොට මද ගින්දරේ උණු කරගන්න .රත්වනවිට පොළොස් හා ලුණු එකොට නිවෙන්න තබා ජිවනු හරණය කල බෝතලය අසුරන්න.



    පැය කීපයකට පසු හෝ දින කට පසු රස විදින්න.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Baby Jak Fruit Pickle පොළොස් අච්චාරු Rating: 5 Reviewed By: Admin
    Scroll to Top