728x90 AdSpace


  • Latest News

    Monday, January 23, 2017

    Chili Garlic Fried Rice චිලි ගාලික් ෆ්‍රයිඩ් රයිස්



    Chili Garlic Fried Rice
    චිලි ගාලික් ෆ්‍රයිඩ් රයිස්







    ලෝකයේ ජනප්‍රිය බතක් වන මිරිස් සහ  සුදුලුනු මිශ්‍ර ෆ්‍රයිඩ් රයිස්.සිංගප්පූරුව,මැලේෂියාව,තායිලන්තය, වැනි රටවල අවන්හල්වල ඉතාම ප්‍රචලිත ජනප්‍රිය ආහාරයකි.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    බත් ඇට වෙන් වෙන්න ලෙස පිසගත් බාස්මති බත් කෝප්ප 04 යි.
    (මේ සදහා බාස්මති බත් පමණක් භාවිත කරන්න)


    රතු වියලි මිරිස් කරල් 10 පමණ.


    තරමක ලොකු  සුදුලුනු බික් 12 පමණ.


    අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්.


    රතුලුනු ගෙඩි 5 හෝ 06 යි.


    සේර කැබැල්ලක්.


    තෙල් හෝ බටර් මේස හැඳි 04 හෝ 05 යි.



    තලතෙල් බිංදු 02 හෝ 03 යි.


    සිහින්ව කපාගත් ලුනු කොළ කෝප්ප  ½ යි.

    සිහින්ව කපාගත් ලුනු කොලවල ලුනු කෝප්ප ½ යි.


    රස අනුව ගම්මිරිස්


    සීනි තේ හැඳි  ½ යි.


    රස අනුව ලුණු


    බිත්තර 04 යි.


    ලයිට් සෝයා සෝස් තේ හැඳි 02 යි.


    සාදන ක්‍රමය:


    රතු වියලි මිරිස් කරල් ඇට ඉවත් කොට උණු වතුරේ පැය ½  පොඟවා ගන්න.



    සුදුලුනු ගෑරප්පුවෙන් ඇන කබලේ හෝ ලිපට අල්ලා තරමක් පුළුස්සා ගන්න කළු නොවන ලෙස.
    (පොතු සමග පුළුස්සා ගන්න වඩාත් පහසුයි)




    පොඟවා ගත් මිරිස් , පුළුස්සා ගත් සුදුලුනු, ඉඟුරු, රතුලුනු, සේර හා බටර් හෝ තෙල් හැඳි 02 සමග හොඳින් අරන්න.




    ඉතා සියුම්ව ඇරා ගයුතුයි.



    බත සාදන ක්‍රමය:

    වොක් උඳුනක් ලිප මත තබා ඉතිරි තෙල් ටික එකතු කරන්න. තෙල් රත් වනවිට මිරිස් හා සුදුලුනු  ඇඹරුම එකතු කරන්න.




    තෙල් පැදෙන තුරු මද ගින්නේ පිස ගන්න (විනාඩි 5 හෝ 06 පමණ  ) පිලිස්සෙන්න නොදී හැඳි ගාමින් පිස ගන්න.

    පේස්ට් එක හොඳින් පිසුණු පසු ලුනු කොළ වල ලුණු  එකතු කරන්න.හොඳින් තෙම්පරාදු කර පිස  ගන්න  (විනාඩි 01 හෝ 02 පමණ)

    සීනි එකතු කොට විනාඩියක් පමණ පිස ගන්න.


    බාස්මති බත් එකතු කර ගන්න  සොයා සෝස් එකතු කර ගන්න,එයට  ලුණු ,ගම්මිරිස්, රස අනුව එකතු කර ගන්න.


    හොඳින් කවලම් කරමින් පේස්ට් එක බතට හොඳින් මිශ්‍ර වෙන ලෙස තෙම්පරාදු කර ගන්න.බත් ඇට උඩ පනින තෙක් කවලම් කරමින් තෙම්පරාදු කර ගන්න.


    එයට තලතෙල් බිංදු 02 හෝ 03 එකතු කොට  හොඳින් මිශ්‍ර කරන්න.ලුනු කොළ එකතු කොට මිශ්‍ර කර ලිපෙන් ඉවත් කර ගන්න.


    බිත්තර 04 බැද උඩින් අසුරා උණුසුම්ව පිළිගන්වන්න.





    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Chili Garlic Fried Rice චිලි ගාලික් ෆ්‍රයිඩ් රයිස් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top