728x90 AdSpace


  • Latest News

    Wednesday, January 18, 2017

    Simple Bread Caramel Pudding බ්‍රෙඩ් කැරමල් පුඩින්

    Simple Bread Caramel Pudding

    බ්‍රෙඩ් කැරමල් පුඩින්




    පුඩින් ඔෆ් පුවර් එනම් දුපප්පතුගේ පුඩිම ලෙස  එංගලන්තයේ  ජනප්‍රිය මෙම අතුරුපස අද ලෝකය පුරාම ඉතා පහසුවෙන් සැකසිය හැකී ඉමිහිරි රස ගෙනෙන පුඩිමකි. ඉතිරිවු පාන් වලින් සකසන කන කන අසා හිතෙන අතුරුපසකී.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    දවසක් පරණ පාන් පෙතී 06 පමණ .






    කිරි කෝප්ප 02 යි


    ටින් කිරි මේස හැඳි 04 හෝ 05 යි


    සීනි කෝප්ප ½ පමණ (ඔබගේ රස අනුව වෙනස් කර ගත හැක )


    කැරමල්  සදහා සීනි මේස හැඳි 03 යි.


    ලොකු රතු බිත්තර 04 යි.


    වැනිලා තේ හැඳි 01 යි.


    කුරුදු තේ හැඳි ¼  පමණ .


    කරදමුංගු  කුඩු සුවපයක්.


    කජු ,රෙසින්ස් , වියලි මිදී ,රටඉදි, ඔබගේ රුචිය අනුව ඒකරා ගත හැක.





    දෙහි බින්දු 3 හෝ 4 යි.


    බටර් ග්‍රෑම් 50 යි.


    වතුර මේස හැඳි  01 යි.


    සාදන ක්‍රමය:

    පුඩිම සකස් කිරීම සදහා භාවිත කරන භාජනය ප මත හෝ උදුනක් තැබිය හැකී භාජනයක් තෝරා ගන්න.
    එම භාජනයට බටර් සුවපයක් තවරා  ලිප මත තබා රත් කරන්න එයට සීනි මේස හැඳි 03 එක්කරන්න.සීනි උණු වන විට වතුර මේස හැඳ දුඹුරු වනවිට (කැරමල් වර්ණය) ලිපෙන් ඉවත් කොට කැරමල් මිශ්‍රණය භාජනයේ හොඳින් තැවරෙන්සේ කරකවන්න. සිසිල් වීමට පසෙක තබන්න.






    කිරි ,ටින්කිරි ,සීනි හොඳින් මිශ්‍ර කරගන්න එයට යන්තම් උණුකල බටර් එකතු කොට කවලම් කරගන්න.
    පාන් පෙතී කුඩාවට කඩා කිරි සහිත මිශ්‍රණයේ හොඳින් පෙගෙන්න හරින්න.








    බිත්තර බිලෙන්ඩරයක එකතු කරගන්න හොඳින් බිට් වනවිට කරදමුංගු,කුරුදු, වැනිල එකතු කොට  බිලෙන්ඩ කරගන්න.
    දෙහි යුෂ බිදු කිහිපයක් ඒක්කර  ගන්න.
    එම බිලෙන්ඩ  කරගත්  මිශ්‍රණයට පොඟවගත් පාන් මිශ්‍ර කර  බිලෙන්ඩ කරගන්න.


    ඔබට අවශ්‍ය නමි පාන් මිශ්‍රණය බිලෙන්ඩ නොකර පාන් කැලී සිටිනසේ  බිත්තර මිශ්‍රණය එයට එකතු කොට සැකසිය හැක.

    බිලෙන්ඩ වූ පසු කැරමල් තැවරු භාජනයට එකතු කරන්න.

    භාජනයේ  කට හොඳින් වසාන( ෆයිල් හෝ බ්‍රවුන් කඩදාසිකින්)

    ඩබල් බොයිල් ක්‍රමයට හුමාලයෙන් විනාඩි 45 පමණ තම්බා ගන්න.

    එසේම උඳුනක අංශක 200°c  උෂ්ණත්වයෙන් විනාඩි 45 හෝ 50 බේක් කරගන්න.

    බ්‍රෙඩ් කැරමල් පුඩින් හොඳින් සිසිල් වූ පසු පිඟානක් ගෙන  සිරුවට පුඩිමේ පැත්ත මාරු කර ගන්න.


     ඉමිහිරි රස ගෙනෙන  බ්‍රෙඩ් කැරමල් පුඩින් රස විදින්න.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Simple Bread Caramel Pudding බ්‍රෙඩ් කැරමල් පුඩින් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top