728x90 AdSpace


  • Latest News

    Friday, January 20, 2017

    Chicken chukka චිකන් චුක්කා


    Chicken chukka
    චිකන් චුක්කා






    ඉන්දියානුවන් අතර ඉතා ජනප්‍රිය හා අතිශ්‍යයි රසවත් කාරියකී චිකන් චුක්කා බත්, පාන්, රොටි,ආප්ප ,ඉදිආප්ප සමග රස විදිය හැකී රසවත් කාරියකි.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    කුකුල් මස් කිලෝ 01 යි.


    තක්කාලි ග්‍රෑම් 350 යි.(පොඩියට කපාගත්)


    වියලි මිරිස් කරල් 04 යි.(කැලී වලට කපා ගත්)


    කරපිංචා


    උළුහාල් තේ හැඳි ½ යි.


    අබ තේ හැඳි 01 යි.


    කුරුදු පොතු අඟලක පමණ කැබැල්ලක්.


    සුදුරු  කුඩු තේ හැඳි  ½ යි.


    මහදුරු  කුඩු තේ හැඳි  ½ යි.


    කොත්තමල්ලි කුඩු තේ හැඳි 02 යි.


    මිරිස් කුඩු තේ හැඳි 02 යි.


    කහ කුඩු තේ හැඳි ½ යි.


    ගම්මිරිස් කුඩු තේ ½ යි.


    ගරම්මසලා කුඩු තේ හැඳි 03 යි.


    වතුර කෝප්ප 02 යි.


    තෙල් මේස හැඳි 04 යි.


    ලුණු රස අනුව


    රගත් සුදු ලුනු මේස හැඳි 01 යි


    අඹරගත් ඉඟුරු මේස හැඳි 01 යි.


    පොඩියට කපා ගත් ලුනු ලොකු ගෙඩි 04 පමණ.


    ලියාගත් අමුමිරිස් කරල් 02 යි.


    බෙලිෆ් කොළ 01 යි.


    කරාබු නැටි 02 යි.


    කරදමුංගු 01 යි.


    ස්ට්‍රනිස් 01 යි.


    කොත්තමල්ලි කොළ සුවපයක්.


    සාදන ක්‍රමය:

    භාජනය ළිප මත තබා තෙල් ටික එකතු කරන්න.

    තෙල් රත්වන් විට අබ එකතු කරන්න අබ පුපුරන විට කපාගත් වියලි මිරිස් කරල් හා උළුහාල් එකතු කරන්න.

    එයට ලුනු එකතු කරන්න තරමක් බැදෙන්න හරින.


    ලුනු මදක් බැදුනවිට ඉඟුරු, සුදු ලුනු, කරපිංචා, ස්ට්‍රනිස්, කරදමුංගු, කරාබු නැටි, බෙලිෆ්, ලියාගත් අමුමිරිස්, කුරුදු පිළි වලින් එකතු කරන්න.


    එම සියල්ලම බැදෙන විට තක්කාලි එකතු කරන්න.හොඳින් කවම් කොට විනාඩි 5 හෝ 6 පිස ගන්න.


    එයට සුදුරු  කුඩු, මහදුරු  කුඩු, කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ,ලුණු එකතු කොට හොඳින් කවලම් කරන්න.

    එයට ගරම්මසලා කුඩු එකතු කර විනාඩි 2 පමණ පිස ගන්න.

    එම පිසෙන මිශ්‍රණයට වතුර කොප්පා 2 එකතු කර ගන්න.හොඳි කවලම් කර මින් තෙල් පැදෙන තෙක් පිස ගන්න.

    තෙල් පැදීගෙන එන විට කුකුල් මස් එකතු කරගන්න අවශ්‍ය පමණට ලුණු එකතු කොට සියලුම වතුර  සිදෙන තුරු අඩු ගින්දරේ පිස ගන්න (ඉස්ම ගතිය හොඳින් සිදීමට විනාඩි 20 හෝ 30 පමණ ගතවේ)




    හොඳින් වතුර සිදුන  Chicken chukka කාරිය කොත්තමල්ලි කොළ එකතු කොට උණුසුම්ව රස විදින්න 


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Chicken chukka චිකන් චුක්කා Rating: 5 Reviewed By: Admin
    Scroll to Top