728x90 AdSpace


  • Latest News

    Thursday, January 19, 2017

    ඕනේම mood එකක අහන්න පුළුවන් සින්දුවක්

    ඔයා ඉන්න ඕනේම mood එකකදී අහන්න පුළුවන් ලංකාවේ බිහිඋන ඇති විශිෂ්ටතම ගීතය ඒ මොකක්ද අහුවොත් කිසිම සැකයක් නැතුව එය  මේ ගීතයයි

    තරහා ගියවෙලාවක, ඔයාට දුක හිතෙන වෙලාවක, කම්මැලි වෙලාවක, කලබල වෙලාවක වගේ ඕනේම වෙලාවක ඔයා ඉන්න ඕනේම mood එකෙන් අහන්න පුළුවන්

     මේ ගීතය ඔයාලත් try කරලා මේ කතාව ඇත්තද කියල 


    ආචාර්ය පණ්ඩිත් අමරදේවගේ හඬින් රසවත් වූ මේ ගීය රෝහණ වීරවංශ සංගීතයෙන් මිහිරි වූ  කුලරත්න ආරියවංශ අතින් ගෙතුනකි 


    ආරාධනා... ආරාධනා...
    ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා... ආරාධනා...

    නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
    සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
    ආරාධනා... ආරාධනා...

    එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
    බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
    ආරාධනා... ආරාධනා...

    ඔයාලා මොකද හිතන්නේ අපිට කියන්නකෝ
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඕනේම mood එකක අහන්න පුළුවන් සින්දුවක් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top