728x90 AdSpace


  • Latest News

    Thursday, January 19, 2017

    Godamba Rotti ගොදම්බ රොටි



    Godamba Rotti
    ගොදම්බ රොටි





    දුක් විඳින පන්තියේ රොටිය නොහොත් අපි කවුරුත් අතර ජනප්‍රිය ගොදාම්බා රොටිය.කොත්තු එළවළු,මස් ,මළු, රොටි,බිත්තර රොටි,නිර්මානය වන්නේ ගොදම්බ රොටියෙනි.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් පිටි කෝප්ප 03 යි.


    එළවළු තෙල් මේස හැඳි 04 යි.



    බටර් මේස හැඳි 01 යි.


    බිත්තර 01 යි.


    ලුණු රස අනුව.


    මද උණුසුම් වතුර  අවශ්‍ය පමණ.


    තෙල් බෝතලයක් (ගොදම්බා රොටිබෝල ගිල්ලවා තැබිම සදහා තෙල් වැඩිපුර භාවිතා කරන්න එවිට පිටි මොල්ලිය මුද්‍රවේ,පහසුවෙන් තුනී  කොට  සැකසිය හැක)


    සදන ක්‍රමය:

    හොඳට පිටි කවලම්  කල හැකී තරමක් විශාල බෝල් එකක් ගන්න.
    එම භාජනයට පාන් පිටි එක්කර ගන්න.


    ලුණු සහ බිත්තර එක් කර ගන්න.
    එළවළු තෙල් මේස හැඳි 03 සහ බටර් මේස හැඳි 01  එකතු කරන්න.
    එම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන ගමන්  වතුර ටික ටික එකතු කර ගන්න.වතුර ක්‍රමානු කුලව එකතු කර ගන්න (වතුර ගොඩක් දන්න එපා)
    වතුර ටික ටික එකතු කරමින් හොඳින් ඇලෙන්නේ නැතී  එතරම් ඝණකම නැතී ඇදෙන සුලු එනම් ඉලාස්ට්ක් පිටි මොලියක් හදාගන්න.(ප්ලයබල් ඩො, මතක තබාගන්න හොඳින් මෝලිය මිශ්‍ර වූ පසු අතේ අලෙනේ නැත).


     පිටි මොල්ලිය විනාඩි 10 හෝ 15 පමණ හොඳින් අනා ගන්න(මසාජ් කර ගන්න)
    පිටි මොල්ලිය හොඳි මසාජ් කර පසු පොඩි බෝල වලට කඩ ගන්න තරමක ලොකු දෙහි ගෙඩියක ප්‍රමාණයට.


    භාජනයකට තෙල් බෝතලය දමා  පිටි බෝල තෙල් වල ගිල්වා පැය 12 තබන්න.




    අවම වශයෙන් පැය 06 තැබිය යුතුය.
    පැය 12 පසු පිටි බෝල ගෙන හොඳින් හැකී තරම් තුනි කර ගන්න කඩදාසියක් තරමට තුනී විය යුතුය.







    තරමක් විශාල පැන් එක්ක හෝ තැටියක් හොඳින් උණුසුම් කොට දුඹුරු  පැහැ ගෙන්වෙන තුරු දෙපැත මාරු කොට පිස ගන්න( එක පැතක් විනාඩි  1 ½ පමණ)





    උණුසුම්ව පිළි  ගන්වන්න





    ගොදාම්බා රොටියෙන්.කොත්තු, එළවළු,මස් ,මළුරොටි,බිත්තර රොටි,සකසා ගත හැක.





    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Godamba Rotti ගොදම්බ රොටි Rating: 5 Reviewed By: Admin
    Scroll to Top