728x90 AdSpace


  • Latest News

    Thursday, January 26, 2017

    ඔබ දන්නවාද බෙලි ගස නිසා ඔබගේ නිවසට ශ්‍රී ලක්ෂ්මිය පැමිණෙන බව

    For Health Wealth and Prosperity.

    සෞභාග්‍යය දෝතින්ම රැගෙන සෞභාග්‍යයේ අධිපති දෙවඟන එන ඇයයි.
    ලක්ෂ්මි දේවිය නම් ඇය අප කවුරිත් අතර නම කියූ සැනෙන් ඇයව හඳුන් වන්නේ සෞභාග්‍යයට අධිපති දෙවඟන ලෙසය.ඇය නිසා නිවසට  සිරිකත කැන්දන,ව්‍යපාර කටයුතුවලට දියුණුව උදාකරන සෞභාග්‍යයේ දෙවඟනයි.

    බෙලිගසක් සිටුවා ශ්‍රී ලක්ෂ්මි නිවසට කැදවමු

    සෞභාග්‍යය සේම කිර්තිය ද අප වෙත ලබාදෙන  මැය,ලක්ෂ්මි ,මහා ලක්ෂ්මි,සුරබිදෙන ආදී නම් වලින් හදුන්වයි.

    සෞභාග්‍යය කැඳවන  මේ ශ්‍රී ලක්ෂ්මිය වැඩ වාසය කරන වක්ෂය වන්නේ බෙලි ශාකයයි.බෙලි ගසක් නිවසේ රෝපණය කිරීමෙන් නිවසට ශ්‍රී ලක්ෂ්මිය නොහොත් ශ්‍රියා කාන්තාව නිවසට කැදවා ගැනිමකි.
    අපගේ මුතුන් මිත්තන්ගේ මතය අනුව බෙලි ගස කපා දැමීමෙන් ශ්‍රී දේවිය නිවසෙන් ගොස් මුව දේවියට අඩ ගැසීමක් ලෙස විශ්වාස සහ ඉපැරණි පොත් පත්වල සඳහන් වේ.

    වචනයේ පරිසමර්පත අර්ථයෙන් දේව වෘක්ෂයක් වූ බෙලි ගස නිවසේ හෝ ඔබගේ ව්‍යාපාරික ස්ථානයෙ ඉදිරි පස  රෝපනය කොට සත්තු සප්පායම් කල හැකී නම් ඔබට හා ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට  නිරන්තරයෙන් ශ්‍රී ලක්ෂ්මියගේ ආශිර්වාද ගෙන දෙන්නේය.

     ශ්‍රී ලක්ෂ්මිය වැඩ වාසය කරන බැවිනි ඔබ රෝපනය කරනු ලබන බෙලි ශාකය අවට ඉතා පිරිසිදුව තබා ගතයුතුය.
    බෙලි ගස සෞභාග්‍යයේ සංකේතය ලෙස හදුන්වන බැවින්  එය “ශ්‍රී ල”, “සශ්‍රීකවත් ශාකයද”වශයෙන් විරුදාවලිය ලබයි.
    හින්දු බැතීමතුන්ගේ  විස්වාසය අනුව බෙලි ගසේ පත්‍ර බ්‍රහ්ම,විෂ්ණු,මහේෂ්වර සංකේතවත් කරයි.
    ආයුර්වේදයෙ සනහන් වන ආකාරයට බෙලි ගස රෝග රෙසක් සුවපත් කරන සුවිශේෂී ශාකයකි.අපට වැලදෙන බොහෝ ලෙඩ රෝගවලට ගසේ ගෙඩි,කොළ,මුල්,පොතු,මල් ඖෂධ වශයෙන් යොදාගනු ඇත.

    බෙලි පලතුර අනුභව කිරීමෙන් සම පැහැපත් වන අතර වාත,පිත ,සමබර කෙරෙන වත් සමගම මළ බද්දය අර්ශස් වැනි රෝග වලටද මහගු ඖෂධයකි.එහි මල් ඉතාමත් රසවත් පානයකි ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන අතර දියවැඩියාව වැනි රෝග රැසකට මහගු ඖෂධ යකි.

    ආයුර්වේදයේ සදහන්ව ඇති ආකාරයට බෙලි කොළ දුන් ඇලීමෙන් නිවසේ ඇති අපිරිසිදු ශක්තින් පලවා හරින අතර අඳුරු අහුමුලු පිරිසිදු කිරීමේ සුවිශේෂී හැකියාවක් අතේය.

     ශ්‍රී ලක්ෂ්මි දේවගන වැඩ වසන දේව මාළිගාව බදුවූ බෙලි වෘක්ෂය රෝපණය කොට ඔබගේ නිවසටත් සෞභාග්‍ය, සිරිකත, නොහොත් ශ්‍රියා කාන්තාව නිවසට කැදවා සැනසුම විඳගන්න ආරාධනා කරනෙමු.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ දන්නවාද බෙලි ගස නිසා ඔබගේ නිවසට ශ්‍රී ලක්ෂ්මිය පැමිණෙන බව Rating: 5 Reviewed By: Admin
    Scroll to Top