728x90 AdSpace


  • Latest News

    Friday, December 23, 2016

    වටලප්පන් watalappan


    වටලප්පන්






    අවශ්‍ය ද්‍රව්‍ය:

    කිතුල් හකුරු  ග්‍රෑම් 500 යි


    රතු සීනි මේසහැඳි 01 යි


    මිටි කිරි (පොල්කිරි) කෝප්ප 01 යි


    බිත්තර 06 හෝ 07 යි


    සාදික්කා කුඩු තේ හැඳි ½  යි


    කරඳමුගු 2 හෝ 3 යි


    කරාබු නැටි 2  හෝ 3 යි


    වැනිල තේ හැඳි 02 යි


    කජු සුවල්පයක්


    වතුර තේ හැඳි 01 යි.


    සාදන ක්‍රමය:



    භාජනයක් ගෙන ළිප මත තබා සීනි එයට ඒකර කැරමල් වනවිට වතුර තේ හැඳන්ද ටික ටික දමා දිය වෙන්න හරින්න .

    කැරමල් සීනි මිශ්‍රණයට සාදික්ක, කරඳමුංගු හා වැනිලා එක්කර පෙරා ගෙන පසෙක තබන්න.

    කිතුල් හකුරු පොඩියට ගා ගෙන පොල් කිරි සමග කැට දියවන තෙක් හොඳින් දිය කරගන්න.




    බිත්තර හොඳින් තට්ටු කරගන්න (බිට් ).




    පොල් කිරි හකුරු මිශ්‍රණය හා කැරමල් සීනි මිශ්‍රණය තට්ටු කර ගත් බිත්තර සමග එකතු කරන්න .හොඳින් තරමක් තට්ටු කොට හොඳින් කවලම් කරන්න.






    කජු කොටසක් කවලම් කර ගන්න.

    හුමාලෙන් තම්බා ගැනීම සදහා සුදුසු භාජනයකට වටලප්පන් මිශ්‍රණය එකතු කරන්න.
    ඇලුමිනියම් පේපර් එකකින් හොඳින් ආවරණය කරන්න.

    පිස ගැනීම ක්‍රම කිහිපයකට කල හැක,උඳුනක පිස ගන්නෙනම් ඩබල් බොයිල් ක්‍රමයට සෙන්ට්ග්‍රේට් අංශක 180° උෂ්ණවයෙන් විනාඩි 45-50 පිසගන්න.

    හුමලෙන් පිස ගනේනම් විනාඩි 35 -50 අතර කාලයක් ගතවේ.

    ඩබල් බොයිල් ක්‍රමයට ද හුමාලයෙන් පිස ගත හැක.

    මතු පිටට ඉතිරි කජු ටික ඉස පිළිගන්වන්න.











    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වටලප්පන් watalappan Rating: 5 Reviewed By: Admin
    Scroll to Top