728x90 AdSpace


  • Latest News

    Friday, December 30, 2016

    එළවළු පැටිස් Vegetable Patties


    එළවළු පැටිස්  Vegetable Patties






    Vegetable Patties


    අවශ්‍ය ද්‍රව්‍ය:

    එළවළු පැටිස් පෙස්ට්‍ර්ය සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

    පාන් පිටි  ග්‍රෑම් 500 යි.


    බටර් ග්‍රෑම් 100 යි.


    වතුර හෝ කිරි කෝප්ප  ¼  යි.


    සීනි තේ හැඳි  ¼  යි.


    බිත්තර කහමඳ 02 යි.


    රස අනුව ලුණු

    එළවළු මිශ්‍රණය අවශ්‍ය ද්‍රව්‍ය:

    අල ග්‍රෑම් 250 යි.



    ලීක්ස් කඳ කොටස ග්‍රෑම් 50 යි.


    සිහින්ව කාප ගත් ලුනු ග්‍රෑම් 25 යි.


    තම්බාගත්  ග්‍රීන්පිස් මේස හැඳි 03 යි.


    සිහින්ව කාප ගත් අමු මිරිස් තේ හැඳි 01 යි.


    සිහින්ව කාප ගත් සුදු ලුනු තේ හැඳි 01 යි.


    සිහින්ව කාප ගත් කරපිංචා තේ හැඳි 01 යි.


    වර්ජින් පොල් තෙල් මේස හැඳි 01 යි.


    මිරිස් කුඩු තේ හැඳි  ½  යි.


    ගම්මිරිස් කැබලි තේ හැඳි  ½  යි.


    සිහින්ව කාප ගත් අමු තක්කාලි හා බිලං තේ හැඳි 01 යි.



    කහ කුඩු ස්වල්පයක්


    රස අනුව ලුණු

    පැටිස් පෙස්ට්‍ර්ය සාදන ක්‍රමය:

    පාන් පිටි , බටර් , සීනි, බිත්තර කහමද හොඳින් මිශ්‍ර කර ගන්න.පසුව වතුර හෝ කිරි ටික ටික  එකතු කරමින් හොඳින් ඇඟිලි  තුඩු වලින් පිටි මොලියක් ආකාරයට ඉතා සිනිදු වන තෙක් හොඳින් ආනගන්න.





    පැයක් හෝ දෙකක් තෙත රෙදි කැබෙල්ලකින් වසා තබන්න ශීතකරණයේ තබන්නේනම් වඩාත් සුදුසු වේ.




    මිශ්‍රණය සාදන ක්‍රමය:

    භාජනයකට  තෙල් එකතු කර ළිප තබා රත්වන විට, ලුනු එක්කර ලුනු බැදෙනවිට , අමු මිරිස්, සුදු ලුනු, කරපිංචා එකතු කරන්න.

    හොඳින් බැදෙනවිට ලීක්ස් එක්කරන්න ලීක්ස් බැදෙනවිට අමු තක්කාලි හා බිලං එකරන්න.
    කැබලි සිටිනසේ පොඩි කරගත් අල ,මිරිස් කුඩු ,ගම්මිරිස් කුඩු ,කහ ,ලුණු එක්කරන්න හොඳින් කවලම් කොට ග්‍රීන් පිස් එකතු කරන්න.

    විනාඩි කිහිපයක් පිස උඳුනෙන් ඉවත් කොට හොඳින් නිවෙන්න හරින්න.





    පැටිස් සාදන ක්‍රමය:

    ලෑල්ලට පිටි ස්වල්පයක් ඉස පිටි මෝලිය නැවත විනාඩි කිහිපයක් අනාගන්න.හොඳින් තුනී කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගන්න.






    කාපාගත් රවුම් මැදට එළවළු පිරවුම තබා දෙකට නවන්න.පැටිස් අඩ කවය වටා ගෑරැපපුවෙන් තද කරන්න.




    ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න.





    මළු පැටිස් සාදන්නේ නම් මළු තම්බා හෝ සැමන් එකරන්න.

    මස් පැටිස් සාදන්නේ නම් කැමැති තම්බාගත් මස් සමග මන්චි සැල්දිරි හා දෙහි ඇඹුල් එක්කර ගන්න.

    බිත්තර නොමැතිවද සැකසිය හැක.









    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: එළවළු පැටිස් Vegetable Patties Rating: 5 Reviewed By: Admin
    Scroll to Top