728x90 AdSpace


  • Latest News

    Thursday, December 22, 2016

    Brinjal salan වම්බටු සාලන්


    Brinjal salan 
    වම්බටු සාලන්



    වම්බටු සාලන්


    ඉන්දියාවේ හයිඩ්‍රබාත් ප්‍රන්තයේ ඉතාමත් ජනප්‍රිය Baingan ka salan එනම් වම්බටු හා රටකජු එක්කොට සකසන මෙම වැන්ජනය ඉතාමත් රසවත්ය විශේෂයෙන් බිරියනි සමග අතිශයින් රසවත්ය.

    රටකජු වම්බටු සමග මිශ්‍ර වීමෙන් අනර්ඝ රසයක් ඉස්මතුවේ.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    වම්බටු කිලෝ 01 යි.මේ සදහා කුඩා බෝල හැඩතී වම්බටු භාවිතා කරන්න.(Eggplant)




    වියලි මිරිස් 2 හෝ 3 යි.


    සුදු තල මේස හැඳි  02 යි.


    රටකජු මේස හැඳි 02 යි.


    ගාගත් පොල් මේස හැඳි 02 යි.


    ඹරාගත් සුදුලුනු මේස හැඳි  01 යි.


    අඹරාගත් ඉඟුරු මේස හැඳි  01 යි.


    කොත්තමල්ලි කුඩු තේ හැඳි 01 යි.


    සුදුරු කුඩු තේ හැඳි 01 යි.


    මිරිස් කුඩු තේ හැඳි 01 යි රසය අනුව භාවිතා කරන්න.


    තේ හැඳි ½ යි.


    උළුහාල් තේ හැඳි ¼ යි.


    කපාගත් ලුනු කෝප්ප 01 යි.


    කරපිංචා


    මිංචි කොළ


    කොත්තමල්ලි කොළ



    කහ සුවල්පයක්.


    සියලා දියර මේස හැඳි 01 යි.


    කිතුල් හකුරු මේස හැඳි ½ යි.


    යෝගට් හෝ මුදුවපු කිරි කෝප්ප ½ යි.



    තෙල් (organic virgin coconut oil වඩාත් යෝග්‍යයි)


    ලුණු රස අනුව.

    සදන ක්‍රමය:

    කුඩා බෝල හැඩතී වම්බටු නටුව සිටිනසේ හතරට හෝ හයට පලාගන්න.ලුණු සහ කහ සුවල්පයක් එක්කර තෙල් සුවල්පයකින් බැදගන්න.තෙල් බේරීම සදහා පසෙක තබන්න.





    සුදු තල, රටකජු, ගාගත් පොල් රන්වන් පැහැවනතෙක් කබලේ බැද හොඳින්  තලපයක් සේ අරා ගන්න.



    භජනයක් ළිප තබා organic virgin coconut oil මේස හැඳක් හෝ දෙකක් එකතු කරන්න.රත් වනවිට අඹ, උළුහාල්, කරපිංචා, වියලි මිරිස්, අඹරගත් සුදුලුනු, අඹරගත් ඉඟුරු එකරන්න .


    යම්තම් රන්වන පැහැ වන විට ලුනු එක්කරන්න ,තරමක්  බැදෙනවිට  කහ ,මිරිස්,කොතමල්ලි,සුදුරු,ලුණු එක්කර හොඳි විනාඩි කීපයක් පිසගත් මිශ්‍රණයට රටකජු තලපය හා කිතුල් හකුරු  එක්කරන්න. විනාඩි කිහිපයක් තබා වතුර කෝප්ප 2.5 හා මිංචි කොළ  එක්කරන්න.හොඳින් කවලම් කොට විනාඩි 30 පමණ පිස ගන්න තෙල් වෙන්වන තෙක් පිසිය යුතුය.



    විනාඩි 30 පමණ පසු තෙල් වෙන්වන ආකාරය දක ගත හැක .ඉන්පසුව යෝගට් එකරන්න හොඳින් කවලම් කොට විනාඩි කිහිපයක්  පිසගන්න (5-6). සියඹලා එක්කරන්න හොඳින් කවලම් කොට බැදගත් කුඩා බෝල හැඩතී වම්බටු එකතු කරන්න. වම්බටු වලට හොඳින් රස එක්වන තෙක් මද වේලාවක් පිස ගන්න.වැන්ජනය තරමක් ණවන  විට කොත්තමල්ලි කොළ ඉස කවලම් කොට විනාඩියක් පමණ පිස ගන්න.




    Hyderabad Baingan ka salan or Brinjal salan විසිතුරු කොට පිළිගවන්න.



    උණුසුම් බිරියනි සමග ඉතා රසවත්.







    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Brinjal salan වම්බටු සාලන් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top