728x90 AdSpace


  • Latest News

    Saturday, December 17, 2016

    Cream Caramel Pudding ක්‍රීම් කැරමල් පුඩින්


           Cream Caramel Pudding

    caramal


    ක්‍රීම් කැරමල් පුඩින්


    අතුරුපස කතාවේ දයබරම චරිතයයි ක්‍රීම් කැරමල් පුඩින් .නම් ලෝකයට රසවත් ආහාර රැසක් දයාද කර
    ප්‍රංශයෙන් ලෝකයට ලබාදුන් තවත් මුළු ලෝකයම ආදරය කරන අතුරුපසකී.මෙම අතුරුපස ඉතා පසුවෙන් සැකසිය හැක නමුත් නිවැරදි වට්ටෝරුව පිළිපැදිය යුතුය.



    අවශ්‍ය ද්‍රව්‍ය:




    ටින්කිරි ග්‍රෑම් 385 යි






    එම ටින් එක ප්‍රමාණයට උණුකල නිවා ගත් ජලය.

    ලොකු රතු බිත්තර 06

    දෙහි බිංදු කිහිපයක්

    වැනිලා තේ හැඳි 01 යි


    සීනි මේස හැඳි  02 යි


    සීනි කැරමල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

    සීනි පුරවපු මේස හැඳි 04 යි


    ජලය මේස හැඳි 01 යි.

    පුඩින් සැදීම සදහා එවර් සිල්වර් හෝ ෆයරෙස් භාජනයක් වඩාත් යෝග්‍ය වේ.


    සාදන ක්‍රමය:

    පුඩිම සැකසීමට ගන්නා භාජනයේ හොඳින් බටර් තවරා ගන්න

    කැරමල් සාදන ක්‍රමය:

    සීනි මේස හැඳි 04 හා ජලය මේස හැඳි 01 භාජනයකට එක්කර හොඳින් හැඳි ගාමින් උණුකර ගන්න.




    මද වෙලාවකින් සීනි තද දුඹුරු පාටට හැරි සීනි ඝණ වීගෙන එනවිට එම රස්නෙන්ම හොඳින් හැඳි ගන්න.උඳුන නිවා කැරමල් ටික පුඩින් සකසන භාජනයට එකරන්න.









    බටර් තවරා ගත් භාජනයට කැමල් මිශ්‍රණය එක්කරන්න



    එම කැරමල් මිශ්‍රණය භජානයේ හොඳින්  වටේ තැවැරෙන ආකාරයට  හොඳින් කරකවන්න.(මෙය ඉතා සීරුවෙන් කල යුතුය කැරමල් පුඩිමේ අලංකාරය රද පවතින්නේ මෙම තැවැරීම මතයි.)
    එසේ කැරමල් තවරා ගත් භාජනය ඝණ වීමට පසෙක තබන්න.




    පුඩිම සාදන ක්‍රමය:

    බිත්තර භාජනයකට දමා හොඳින් තට්ටු කර ගන්න(බිට්)



    එම මිශ්‍රණයට ටින් කිරි එකතුකර තට්ටු කරගන්න.



    ටින්කිරි ටින් එකට උතුර නිවාගත් ජලය පුරවා තට්ටු කරගත් මිශ්‍රණයට ටික ටික එකතු කරමින් හොඳින් කවලම් කර කරගන්න.


    වැනිලා හා දෙහි යුෂ ඒකරා ගන්න.(දෙහි යුෂ මගින් බිත්තර වල පිළි ගද අඩුවේ)



    හොඳින් පෙරනයකින් පෙරා ගන්න




    හොඳින් කවලම් කොට කැරමල් තවරාගත් භාජනයට ඒක්කර ගන්න.



    ඔබගේ රස අනුව අවශ්‍ය නමි සීනි ඒක්කර ගන්න

    එම භාජනයේ කට ෆොයිල් හෝ බ්‍රව්න් පේපර් මගින් හොඳින් වසා හුමාලයෙන් තම්බගන්න.





     විනාඩි 50-60  පසු පුඩිම පිසි ඇත්නම් පිතට ගෙන සිසිල් වීමට තබන්න.

    මෙම පුඩිම උඳුනක (අවන්) පිසගනේනම් සෙල්සියස් අංශක 200 උෂ්නවයෙන් විනාඩි 45-50 පමණ පිස ගත යුතුවේ.

    සිසිල් වූ පුඩිම භාජනයේ උඩින් ඔබ පිළිගන්වන පිඟන තබා සීරුවෙන් අනෙක් පැත්ත හරවන්න.


    එවිට ඔබට දිස්වේ ලෝකයේ ඇති ජනප්‍රිය කැරමල් පුඩිමේ අලංකාරය.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Cream Caramel Pudding ක්‍රීම් කැරමල් පුඩින් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top