728x90 AdSpace


  • Latest News

    Saturday, December 10, 2016

    බිම්මල් සීනි සම්බෝල්

    බිම්මල් සීනි සම්බෝල්



    අපි බිමල් විවිධ ආකාරයෙන් රස බලා ඇත නමුත් වියලන ලද බිමල් වලින් සකසන මේ සීනි සම්බෝලේ සකසා රස විද බලන්න කොතරම් රසද කියා.


    අවශ්‍ය ද්‍රව්‍ය:

    වියලා ගත් බිමල් 400 ග්‍රෑම් යි.



    අමුමිරිස් 100 ග්‍රෑම් යි.



    උම්බලකඩ ග්‍රෑම් 50 යි.


    රතුලුනු ග්‍රෑම් 50 යි.


    ලී මිරිස් ග්‍රෑම් 50 යි.


    බිලුනු ග්‍රෑම් 50 යි.


    සුදුලුනු තේ හැඳි 02 යි.


    විනාකිරි මේස හැඳි 2-3 යි.


    තෙල් බැද ගැනිම සදහා


    කුරුදු පොතු කැබලි 02 යි.


    කරදමුංගු 4-5 යි




    කරපිංචා අවශ්‍ය තරමට


    කහ කුඩු 
    සීනි 


    ලුණු රස අනුව

    සාදන ක්‍රමය:

    වියලි බිමල් විනාඩි 20 හෝ 30 උණු වතුරේ පෙඟවා මිරිකා ගන්න.


    කහ ,විනාකිරි,ලුණු,ඒක්කර ගැඹුරු තෙලේ බැද ගන්න.
    අමුමිරිස් ,කරපිංචා කොටසක්,සුනු රතු ලුණු ගෙඩි පිටින් බිලුනු පෙතී කපා බැද ගන්න( ගැඹුරු  තෙලේ)


    හොඳින් තෙල් බේරාගත් බැදගත් සියල්ල මිශ්‍ර කොට තාච්චියක් උඳුන මත තබා තෙල් සුවල්පයක් එක්කර  සුදුලුනු හා කරපිංචා එකොට බදගත් මිශ්‍රණය ඒකරන්න.
    ඉන් පසු කැලී මිරිස් එක්රන්න.හොඳි මිශ්‍ර කොට සීනි සහ ලුණු රස අනුව එක්කර ගන්න.මද ගින්නේ විනාඩි 05 පමණ පිස ගන්න.
    ඔබගේ රසවත් බිමල් සීනි සම්බෝලේ අලංකාර කොට පිළිගන්වන්න.
    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න 






    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බිම්මල් සීනි සම්බෝල් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top