728x90 AdSpace


  • Latest News

    Tuesday, March 14, 2017

    Onion bhajis අනියන් බහජිස් ලුනු කඩල පිටි එකතු කොට හදන අනියන් බහජිස්



    Onion bhajis
    අනියන් බහජිස්





    ලුනු කඩල පිටි එකතු කොට හදන අනියන් බහජිස් ඉන්දියානුවන් අතර ඉතා ජනප්‍රිය  ආහාරයකි කෙටි කැමක් ලෙස ජනප්‍රිය Onion bhajis උණුසුම් තේ හෝ කොපි කෝප්පයක් සමග රසට කරු කුරු ගා හැපෙන රසම රස කැමකි.  කෙටි වෙලාවකින් සකස් කරගත හැකී නිසා සකසන්න හරිම ලේසියි හා පහසුයි. Bhajis විවිධ එළවළු ,මස් ,මළු,බිමීමල්  යෝද්‍රා සකස් කර ගත හැකී නමුත් vegetarian අතර Onion bhajis ඉතා ජනප්‍රිය ආහාරයකි. අපි නිවසේදීම ඉන්දියානුවන් අතර ජනප්‍රිය Onion bhajis සකසා උණුසුම් ඉඟුරු දැමු තේ කෝප්පය සමග වැසි බර මේ සන්ද්‍යාවේ රස විදිමු.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    පොඩියට පෙතී කපාගත් බී ලුනු ලොකු ගෙඩි 03 හෝ 04 ක්.




    කඩල පිටි ග්‍රෑම් 60 යි.


    හාල් පිටි ග්‍රෑම් 30 යි.


    බටර් මේස හැඳි 01 යි.(උණු කර ගත්)


    දෙහි හෝ ලේමන් ගෙඩි ½ යි.


    සුදුරු තේ හැඳි ½  යි.


    මදුරු තේ හැඳි ½ යි.


    කහ තේ හැඳි ½ යි.


    කොත්තමල්ලි තේ හැඳි ½ යි .(ශ්‍රී ලාංකීය තුපහ මෙවෙනුවට භාවිතා කල හැක)


    Asafetida පෙරුන්කය කුඩු සුවල්පයක්


    මිරිස් කුඩු තේ හැඳි ½ යි.


    පොඩියට කපාගත් අමු මිරිස් කරල් කිහිපයක්.


    පොඩියට කපාගත් සුදුලුනු බිකි 02 හෝ 03 ක්.

     2 cm පමණ ගාගත් ඉඟුරු කැබැලක්.


     පොඩියට කපා ගත්  කොත්තමල්ලි කොළ අහුරක්.


    ලුණු හා ගමිරිස් රස අනුව.


    ගැඹුරු තෙලේ බැඳ ගැනිම සදහා තෙල්.(ලී 01 )

    මිශ්‍ර කර ගැනීම සදහා අයිස් වතුර (ඔබ ගන්න දෑ අනුව අඩු වැඩිවේ)


    මේ සියලු දෑ ඔබගේ රුචිය අනුව අඩු වැඩි කරගත හැක

    සාදන ක්‍රමය:

    කඩල පිටි හා හාල් පිටි හොඳින් හලා භාජනයකට එකතු කර ගන්න තෙල් හැර අනෙකුත් ද්‍රව්‍ය එක් කර ගන්න.අයිස් වතුර ටික ටික එකතු කර මින් පිටි ගුලියක් මෙන් මිශ්‍ර කර ගන්න රුප සටන් අනුව .විනාඩි 20 පමණ පසේක තබන්න











    ඒ අතර වාරයේ තෙල් උණු කර ගන්න.රුප සටන් අනුව හැඳි දෙකින් හෝ අතින් රව්ම් හැඩයට සකසා ගැඹුරු තෙලේ හොඳින් හරවමින්  රන්වන් පැහැය වන තුරු  බැඳ ගන්න. (හපන විට කරු කුරුස් වන තරමට තුනිවට සකසා බැඳ ගන්න)  








    චට්නී හෝ සෝස් සමග උණු උණුවෙම රස බලන්න.

    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම් මිතුරන් අතරේ share 
    කරන්න.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Onion bhajis අනියන් බහජිස් ලුනු කඩල පිටි එකතු කොට හදන අනියන් බහජිස් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top