728x90 AdSpace


  • Latest News

    Friday, March 10, 2017

    Crema catalane ක්‍රිමා කැටලානා පුඩින් ,Spanish cuisine flavorful simple and most famous dessert



    Crema catalane
    ක්‍රිමා කැටලානා පුඩින්



    ස්පඤ්ඤයට ජාතිකයන් අතර අතිශ්‍යන් ජනප්‍රිය මෙම අතුරුපස ඉතා පහසුවෙන් පිලියල කල හැකිවන අතර Crema catalane අමුතුම රසයක් ගෙනදෙන අතුරුපසකි අපි නිවසේදීම මේ රසවත් අතුරුපස සකසා රස විදිමු




    අවශ්‍ය ද්‍රව්‍ය :

    බිත්තර කහ මද 08 යි.






    රාගත් සීනි  ග්‍රෑම් 220 යි (කෝප්ප 01 යි සීනි සියුම් වන ලෙස  අඹරාගන්න)


    සම්පුර්ණ යොදය සහිත කිරි ලීටර් 1.125 යි ( කෝප්ප 4 ½ යි)


    ගාගත් ලේමන් සහ කහ දොඩම් පොතු මේස හැඳි 03 යි.



    තරමක ලොකු කුරුඳු කැබැලී 01 යි.


    කොන් පිටි ග්‍රෑම් 75 යි (කෝප්ප ½ යි.)


    උඩින් ඉසීම සදහා අඹරාගත් සීනි  ග්‍රෑම් 75 (කෝප්ප  ½ යි.)


    වැනිල තේ හැඳි 01 යි.


    Star anise ස්ටාඅනීස් 01 යි.


    සාදන ක්‍රමය:
    සම්පුර්ණ යොදය සහිත කිරි, කුරුදු කැබැල්ල, ගාගත් ලේමන් සහ කහ දොඩම් පොතු හා Star anise තරමක විශාල භාජනයක එකතු කොට මද ගින්දරේ පෙණ නගිමින් උතුරන තෙක් උණුසුම් කරගන්න ළිප නිවා හොඳින් සිසිල් වීමට සලස් වන්න.




    සීනි සහ බිත්තර කහ මද ක්‍රීම් වනතුරු හොඳින් බිට් කරගන්න.







    සිසිල් වූ පසු කිරි පෙරාගෙන බ්ත්තර මිශ්‍රණයට එකතු කරන්න.කිරි ටිකක් වෙනම වෙන් කර ගන්න.මිශ්‍රණයට බිට් කරමින් කිරි ටික ටික එකතු කර ගන්න.හොඳින් බිට් කරන්න.



    එම අතර වාරයේ ඉතිරි කරගත් කිරි හා කොන් පිටි කැට නොසිටින ලෙස දිය කර බිට් වෙන මිශ්‍රණයට එකතු කොට හොඳින් බිටි කර ගන්න.



    තරමක කට පළල් උඳුනකට  එම මිශ්‍රණය එකතු කොට  ලිප මත තබා අඩු ගින්දරෙ  මිශ්‍රණය ඝණකම් වනතෙක් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.



    ඝණම් වූ Crema catalane පුඩිම තරමක තුනී කට පළල් උඳුනේ (අවන්) තැබිය හැකී  භාජනයක අසුරා ශීතකරණයේ අවම වශයෙන් පැය 06 තබන්න.






    පිළි ගන්වනවිට ඉතිරි සීනි ටික උඩින් අතුරා වැඩි උෂ්ණත්වය (250°C පමණ ) උඳුනක ඉහළ කොටස පමණක් උණුසුම් කොට විනාඩි කිහිපයක් සීනි කෑරමල් වන තෙක් පුළුස්සා ගන්න.

    ස්පඤ්ඤයට ජාතිකයන් Crema catalane පුළුස්සන ක්‍රම රාශියක් ඇත ඒ අතර මෙම ක්‍රම භාවිතා කරයි


    පළමු ක්‍රමය




    දෙවන ක්‍රමය



    තුන්වන ක්‍රමය



    වැනි ක්‍රම සීනි කෑරමල් කිරීම සදහා භාවිත කාරයි
    රස විද බලන්න කොතරම් රසවද කියා අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම් මිතුරන් අතරේ share කරන්න
       








    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Crema catalane ක්‍රිමා කැටලානා පුඩින් ,Spanish cuisine flavorful simple and most famous dessert Rating: 5 Reviewed By: Admin
    Scroll to Top