728x90 AdSpace


  • Latest News

    Friday, March 17, 2017

    Meringues මිරැන්ගේ නොහොත් අපි කවුරුත් ආදරේ කරන කිසස්

    කිසස්
    Meringues
    මිරැන්ගේ නොහොත්
    අපි කවුරුත් ආදරේ කරන
    කිසස්





    අපි කවුරුත් අතර බොහෝ ජනප්‍රිය කිසස් කෑව ගමන් දියවෙලා යන රසය පමණක් කටේ ඉතිරි වන  රසම රස කිසස් පනහක් විතර කන්න පුලුවන් නේ ද Meringues වර්ග බොහොමයක් තිබේ කේක් ,අතුරුපස,බිස්කට් සදහා යොදා ගන්න ක්‍රම රැසක් ඇත. Meringues උපත ලබන්නේ ස්විට්සර්ලන්තය මිරැන්ගේ කියන ගමේය.ස්විට්සර්ලන්තය ස්වීට් සම්ප්‍රදායේ නිර්මාණ අතර බිහිවූ සිවිශේෂී නිරිමනයකි මිරැන්ගේ අපි කියන රසවත් කිසස්.විප්ඩ් එග්වයිට් (whipped egg white) නැත හොත් හොඳින් ගැසු බිත්තර සුදු මද Meringues නම්වේ.විවිධ රසයන්ගෙන් Meringues සකස් කරයි,වැනිලා,ස්ට්‍රෝබෙරි ,චොක්ලට්,ආමන්ඩ්, රසයන් මෙන්ම ව්ව්ධ වර්ණ හැඩ තල යොදා ගනියි.අපි මේ රසම රස කිසස් ගෙදර දීම සකසමු ඉතා ලේසියි පසුයි රුපසටන් අනුව  සකසන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    සුදු මද 05 යි.



    හොඳින් පොඩියට අරගත් සීනි ග්‍රෑම් 250 යි.( හෝ caster sugar)



    Cream of tartar (ක්‍රීම් ඔෆ් ටාටර්) තේ හැඳි ¼ යි.



    වැනිලා තේ හැඳි 01 යි.


    ඔබට කැමැති වර්ණ .


    සාදන ක්‍රමය :

    බිත්තර සුදු මද බෝල් එකකට එකතු කර ගන්න හැකිතාක් උපරිම වේගයෙන් බිටි කරන්න බිත්තර සිදු මද සුදු පැහැ වෙන තෙක්,සුදු පෙන එනතෙක්(විනාඩි  5 හෝ 6 පමණ ගතවේ) 









    එයට cream tartar එකතු කොට මද වේලාවක් බිටි කරන්න.



    එසේ බිට් කරන අතර වාරයේ සීනි(caster sugar)ටික ටික කුඩා හැඳ කින් එකතු කරමින් සීනි අවසාන වනතුරු නොකඩවා බිට් කරන්න .



    එම බිටි වන මිශ්‍රණයට වැනිලා එකතු කර ගන්න.




     හොඳින් බිට් කර ගන්න ඔබ බිට් කර ගත් Meringues මිශ්‍රණය ඇති භාජනය උඩ අතට හැරවූ විට පහලට නොවැටි පුලුන් රොදක් සේ රදිය යුතුය එසේම මිශ්‍රණය ටිකක් ඇගිලි තුඩුට ගෙන බලන්න හොඳින් පිරිමැද සීනි කැට නොමැතිව පුලුන් රෝදක් සේ ඉතා සිනිදු විය යුතුය එයයි හරි පදම.




    Meringues මිශ්‍රණය කැමැති වර්ණ එකතු කර ගන්න කොටස් කර හෝ තනි වර්ණ හෝ ඔබගේ රුචිය අනුව එසේ නොමැති නම් පයිපින් බෑගය වර්ණ කරන්න ගන්න  රුප සටන් අනුව.


    Meringues මිශ්‍රණය පයිපින් බෑගයට එකතු කොට කෑමති නෝසල් එකක් භාවිතා කොට රුපසටන් අනුව විවිධ හැඩ හෝ ඔබගේ රුචිය අනුව බටර් අලෙපකල තෙල් කඩදා සීයේ කිසස් මල් සකසා ගන්න.












     පෙර උණුසුම් කල අංශක 150 °C උෂ්ණත්වයෙන් යුතු උඳුනක විනාඩි 25 පමණ පිස ගන්න ,විනාඩි 25 අවසන් වූ පසු උඳුනෙන් ඉවත් නොකර එහිම සිසිල් වීමට සලස් වන්න(පොඩි ප්‍රමාණයක් උඳුන වීවෘත කොට )


    හොඳිනි සිසිල් වූ පසු අයිස් ක්‍රීම් ,චොක්ලට්,ස්ටෝබෙරි,ඔරේන්ජ් වැනි සෝස් , විවිධ රස කල අසිං සමග අලංකාර කොට  රස විදින්න.

    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න    
















    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Meringues මිරැන්ගේ නොහොත් අපි කවුරුත් ආදරේ කරන කිසස් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top