728x90 AdSpace


  • Latest News

    Monday, March 20, 2017

    Chocolate Mouss Old Style Chocolate Mouss සම්ප්‍රදායික චොකලට් මුස් එක පාරක් කැවිට හැමදාම කන්න හිතෙන රසම රස සම්ප්‍රදායික චොක්ලට් මුස්





    Chocolate Mouss
    Old Style Chocolate Mouss
    සම්ප්‍රදායික චොක්ලට් මුස්







    එක පාරක් කැවිට හැමදාම කන්න හිතෙන රසම රස සම්ප්‍රදායික චොක්ලට් මුස්



    ලෝකයේ අතිශ්‍යයින් ජනප්‍රිය අතුරුපසක් වන Chocolate mouss, චොකලට් අතුරුපස අතර පළමු තෙන හිමි වන්නේ Chocolate mouss වලටය  .මෙම චොක්ලට් මුස් විවිධ ආකාරයෙන් සකස් කරනු ලබයි නමුත් සම්ප්‍රදායික හා ඉතාමත් රස මෙන්ම ගුණදායකය  ක්‍රමය වන්නේ මෙම ක්‍රමයයි.මෙම ක්‍රමයට සකස් කොට බලන්න ඔබට වෙනස සහ රසය කොතරම් වෙනස්ද කියා ඔබට සිතේ නවීන හා ෂණික ක්‍රම වලට සැකසන මුස් වලට වඩා රසයෙන් කොතරම් පොසත්ද කියා.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    බිත්තර(ලොකු ) කහ මද 04 යි.(පොඩ් බිත්තරනම් වැඩිපුර කහ මද ගන්න) 



    කුකින් චොක්ලට් ග්‍රෑම් 100 (කැමැති වර්ණ චෝක්ලට් ගත හැක තට්ටු වශයෙන් සැකසීමට සදහා )



    සම්පුර්ණ යොදය සහිත කිරි මී.ලී 100 යි.


    සුදු සීනි (සියුම් ලෙස අර ගත් )ග්‍රෑම් 125 යි.


     ෆ්‍රෙෂ් ක්‍රීම් ලි. 01 යි.


    වැනිල තේ හැඳි 02 යි.


    දෙහි බිංදු කීහිපයක්


    සාදන ක්‍රමය:

    ඩබල් බොයිල් ක්‍රමයට චොක්ලට් උණු කර ගන්න(වෙන පාට ගන්නේන්ම් වෙන වෙනම උණු කර ගන්න)










    සිම්පුර්ණ යොදය සහිත  කිරි හා සීනි එකතු කොට ඩබල් බොයිල් ක්‍රමයට උණු කර ගන්න.බුබුළු නගින තුරු උණුකර ගන්න එම අතර වාරයේ බිත්තර කහ මද හොඳින් බිට් කර ගන්න එම මිශ්‍රණය උණු කර ගත් කිරි මිශ්‍රණය ටික ටික එකතු කරන්න හොඳින් වේගයෙන් බිට් කරන ගන්න නැතිනම් බිත්තර කැටි ගැසේ.එම මිශ්‍රණය නැවත ළිප මත තබා තරමක් ඝණ කම් වන තෙක්  හොඳින් ඉක්මනින් හැඳි ගන්න.






    එම මිශ්‍රණය හොඳින් බිට් කරන්න( විනාඩි 03 හෝ 04 පමණ  වේගයෙන් බිට් කරන්න),  සිසිල් වීමට සදහා පසෙක තබන්න


    ෆ්‍රෙෂ් ක්‍රීම් බෝල් එකට දමා හොඳින් බිට් කරන්න විපින් ක්‍රීම් වනතෙක් ( විනාඩි 06 හෝ 07 පමණ ගතවේ)


    දිය කර ගත් චොක්ලට් වලට වැනිල හා දෙහි බිංදු කිහිපයක්  එකතු කොට කවලම් කර ගන්න බිත්තර මිශ්‍රණය එකතු කොට කවමි කරන්න.(වෙනත් වර්ණ චොක්ලට් ගන්නේ නම්  වෙන වෙනම කොටස් කොට මිශ්‍ර කරන්න)


    විපින් ක්‍රීම් කර ගත් මිශ්‍රණයට  චොක්ලට් මිශ්‍රණය ටික ටික එකතු කොට ෆෝල්ඩ් කර ගන්න(විවිධ චොක්ලට් වර්ණ ගන්නේ නම් සමාන කොටස් වලට බෙදා වෙන් කොට සකසා ගතයුතුවේ)







    කැමැති හැඩයේ විදුරු වලට ඇසුරා ගන්න (විවිධ වර්ණ ගන්නේනම් තටු වශයෙන් අසුරා ගන්න)අයිස් ක්‍රීම් ස්කුප් හෝ පයිපින් බැග් වැනි දෑ භාවිතා කොට  ඔබට කැමැති ආකාරයට අසුරා ගන්න


    අවම වශයෙන් පැය 03 හෝ 04 ශීතකරණයේ තබන්න,පෙර දින සකස් කොට පසු දින ආහාරයට ගන්නේ නම් වඩාත් යෝග්‍යවේ.

    පිළිගන්වන විට චොක්ලට් ඉස  විසිතුරු කොට පිළි ගන්වන්න.


    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න  



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Chocolate Mouss Old Style Chocolate Mouss සම්ප්‍රදායික චොකලට් මුස් එක පාරක් කැවිට හැමදාම කන්න හිතෙන රසම රස සම්ප්‍රදායික චොක්ලට් මුස් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top