728x90 AdSpace


  • Latest News

    Saturday, March 18, 2017

    Coconut Syrup Cake Geek coconut cake (Ravani cake) කොකනට් සිරප් කේක් නොහොත් ග්‍රීක් කොකනට් කේක්(රවනි කේක්)



    Coconut Syrup Cake
    Geek coconut cake (Ravani cake)
    කොකනට් සිරප් කේක් නොහොත් ග්‍රීක් කොකනට් කේක්(රවනි කේක්)




    ග්‍රීසියේ අතුරුපසයක් වන Geek coconut cake. එනම් උණුසුම් කොපි කෝප්පයක්  හෝ තේ කෝප්පයක් සමග රස බලන Ravani cake ඉතා ජනප්‍රිය අතුරුපසකි.පොල් රසය අපටනම් සමීප රසකි එම රසය රසවත් කේක් හා පැණි බේරෙන සිරප් සමගින් රසම රසවූ Coconut Syrup Cake අපි නිවසේදීම සකසමු එය ඉතා රසවත්, අපිට  නැවුම් පොල් භාවිතා කල හැකි නිසා Coconut Syrup Cake අතිශ්‍යන් රසවත්ව සැකසිය හැක. රුපසටන් අනුව සකසන්න Coconut Syrup Cake ඉතා රසවත්.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    බටර් ග්‍රෑම් 125 යි (ශීතකරණයේ ඉවතර තබන්න හොඳින් මුද්‍ර වනතෙක්)


    සීනි ග්‍රෑම් 220 යි  (caster sugar හෝ සියුම්ව අරාගත් සීනි )



    බිත්තර 04 යි.


    සියුම් ලෙස ගාගන්නා ලද පොල් ග්‍රෑම් 160 හෝ ඩේසිකෙටඩ් කොකනට්(Desiccated coconut), (නැවුම් පොල් කබලක තබා තෙතමණය ඉවත් කර ගන්න)



    පන් පිටි ග්‍රෑම් 150 යි.

    පොල් මේස හැඳි 02 යි (උඩින් ඉස ගැනිම සදහා )


    ලේමන් සිරප් සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

    සීනි ග්‍රෑම් 220 යි (caster sugar හෝ සියුම්ව අඹරාගත් සීනි )


    ජලය මී.ලී.250 යි (කිරි ද භාවිතා කල හැක තවත් රසවත්  )

    අඟල් 2 පමණ ලේමන් පොතු කෑබෙල්ලක්


    පොඩි කුරුඳු පොතු කෑබෙල්ලක්( කුරුඳු රසය ඉස්මතු නොවන ප්‍රමාණයේ කෑබෙල්ලක් යොදා ගන්න)

    සාදන ක්‍රමය:

    කුඩා බෝල් එහෙ කට සීනි හා බටර් එකතු කොට එම මිශ්‍රණය  ක්‍රීම් වන තෙක් හොඳින් බිටි කරගන්න


     ඉන්පසු බිත්තර එක් වරකට එක බැගින් එකතු කොට හොඳින් බිට් කර ගන්න.


    තරමක විශාල බෝල් එහෙ කට  මිශ්‍රණය එකතු කොට හාලා ගත් පිටි සහ පොල් එකතු කර ගෙන එක් අතකට හොඳින් කවලම් කර ගන්න(ෆෝල්ඩ් කර ගන්න )


    තරමක කුඩා ප්‍රමාණයේ  රවුම් හැඩතී තෙල් කඩදාසී අතුරා බටර් තවරා ගත් බේකින් පෑන් එකකට cake මිශ්‍රණය එකතු කර ගන්න උඩින් ඉතිරි පොල් මේස හැඳි 1 ½ (ඔබගේ රුචිය අනුව) ක ඉස ගන්න(පෑන් එක 2 cm පමණ ගැඹුරින් යුතු අඟල් 08 ප්‍රමාණයේ රවුම් හැඩය යුතු යෝග්‍යවේ) හෝ රුපසටන් අනුව 


    අංශක 160 පෙර උණුසුම් කල උඳුනක විනාඩි 50 පමණ පුළුස්සා ගන්න

    එම අතර වාරයේ lemon syrup සකසා ගන්න

    කුඩා පෑන් එකක් ළිප මත තබා සීනි කිරි හෝ ජලය ලේමන් පොතු සහ කුරුඳු එකතු කොට වැඩි ගින්දරේ සීනි දිය වෙන තෙක් හැඳි ගන්න.සීනි දියවූ පසු ගින්දර අඩු කොට විනාඩි 5 පමණ යන්තම් ඝණ වන තෙක් හැඳි ගන්න.


    හෝ


    හොඳි බේක් වූ coconut cake එක උඳුනින් ගත් විගසම ගෑරේප්පුවකින් සිදුරු සදා  උණුවෙම lemon syrup වක් කරන්න(cake හා syrup උණුසුම්ව තිබිය යුතුය )


    ඉතිරි කර ගත් පොල් ටික ඉස සිසිල් වීමට තබන්න

     පැණි බේරෙන රසම රස Coconut Syrup Cake සිසිල් වූ පසු රස බලන්න.

    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න  



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Coconut Syrup Cake Geek coconut cake (Ravani cake) කොකනට් සිරප් කේක් නොහොත් ග්‍රීක් කොකනට් කේක්(රවනි කේක්) Rating: 5 Reviewed By: Admin
    Scroll to Top