728x90 AdSpace


  • Latest News

    Saturday, March 11, 2017

    Loukoumades ලොකුමාදිස් Greek Donuts with sweet Honey




    Loukoumades
    ලොකුමාදිස්





    Greek Donuts with sweet Honey


    ලෝකයේ පුරාම විශේෂිත ජනප්‍රිය රස කෑමක් වන Loukoumades ග්‍රීසියෙන් උපන් රස කැවිලි වර්ගයකි.ග්‍රීසියේ සැම උත්සව අවස්ථාවක මෙන්ම නිතර දෙවේලේ රස විදින කැවිලි වර්ගයකි.ග්‍රීසියේ පෑණි පිරුණ ඩෝනට් ලෙස හඳුන් වන Loukoumades කැනඩව,ඇමෙරිකාව,ඔස්ට්‍රියාව,මැද පෙරදිග රටවලද ඉතා ජනප්‍රිය උණුවෙන්  කැමට ගන්න පෑණි පිරුණු රස වැහෙන කැවිලි වර්ගයකි.ඉතා කුඩා ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයක් සැකසිය හැකි නිසා ආර්ථික වාසියක්ද ගෙනදේ.අපේ උඳුවැල් හා පෑණි වළලු කොතරම් රස ද එනම් එහා සමාන රසයෙන් පිරි උණුසුම්ව රස බැලිය හැකී පෑණි බේරෙන Loukoumades අපි නිවසේදීම සකස් කොට උණු උණුවෙම රස විදිමු .සකසන්න ඉතා ලේසියි රුප සටන් අනුව සකස් කරන්න.අපේ කිතුල් පෑනි සමග ද තවත් රසවත්ය.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    මද උණුසුම් ජලය (ටිකක් රස්නේ වතුර) මී.ලී.100 යි.


    මද උණුසුම් කිරි මී.ලී.150 යි.(කිරි වෙනුවට ජලය පමණක් භාවිතා කල හැක)


    ඊස්ට් ග්‍රෑම් 5 යි.


    සීනි මේස හැඳි 01 යි.


    පාන් පිටි ග්‍රෑම් 225 යි.


    වැනිලා තේ හැඳි 01 යි.


    කුරුඳු කුඩු තේ හැඳි 01 යි.





    වෝල්නට් ග්‍රෑම් 50 යි.(තරමක කුඩු කරගත්)(මේ සදහා කබලේ බැදගත් ,අමන්, කජු හෝ රටා කජු භාවිතා කල හැක)




    රස අනුව ලුණු


    ගැඹුරු තෙලේ බැඳ ගැනීමට තෙල් ලී. 01 හෝ 02 යි.


    පැණි මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

    මී පැණි කෝප්ප 01 යි.(කිතුල් පැණි භාවිතා කලහැක රසය තරමක් වෙනස්ය නමුත් රසවත්)


    වැනිලා තේ හැඳි 01 යි



    සීනි කෝප්ප ½ යි.


    ජලය කෝප්ප ½ යි.


    අඟල් 2 පමණ ලේමන් පොතු  කැබැලක්


    අඟල් 2 පමණ කහ දොඩම් පොතු  කැබැලක්


     ලොකු කුරුඳු පොතු කැබැලක්.


    කුරුඳු කුඩු ස්වල්පයක්


     සාදන ක්‍රමය:

    මද උණුසුම් ජලය, ඊස්ට්, සීනි එකතු කොට මිශ්‍ර කොට ඊස්ට් පෙන නගින තෙක් තබන්න (ඊස්ට් ක්‍රියාකාරී විය යුතුයි)

     හලා ගත් පාන් පිටි, වැනිලා, මද උණුසුම් කිරි, කුරුඳු කුඩු,ලුණු,ඊස්ට් මිශ්‍රණය සමග හොඳින් මිශ්‍ර කරන්න පිටි කැට නොසිටින ලෙස ඉතා මුද්‍ර වන තෙක් මිශ්‍ර කරන්න තරමක් ඇලෙන සුලු තරමක දියාරු මිශ්‍රණයකී.එම මිශ්‍රණය තරමක උණුසුම් ස්ථානයක තබන්න විනාඩි 60 පමණ ඊස්ට් හොඳින් ක්‍රියා කර මිශ්‍රණය දෙගුණ වන තෙක්.








    එම අතර වාරයේ පැණි මිශ්‍රණය සකස් කර ගන්න. මී පැණි(කිතුල් පැණි), ජලය, ලේමන් පොතු, දොඩම් පොතු කුරුඳු පොතු,භාජනයක ළිප මත තබා වැඩි ගින්දරේ සීනි දියවන තෙක් හැඳි ගන්න.සීනි දියවූ පසු ගින්දර අඩුකොට විනාඩි 10 පමණ යන්තම් ඝණකම් වන විට ළිප නිවා පෙරා පසෙකින් තබා ගන්න.





     කට පළල් ගැඹුර ඇති තාච්චියක් හෝ ගැඹුර තෙලේ බැඳ ගත් හැකී භාජනයක් ළිප මත තබා යහමින් තෙල් දමා රත් කර ගන්න   (වොක් පැන් ඇත්නම් ඉතා සුදුසුය ) 



     දේගුණයක්වූ Loukoumades මිශ්‍රණය රුප සටන් අනුව කරනු ලබන ක්‍රම වලට හෝ අයිස් ක්‍රීම් ස්කුප් එකක් භාවිත කල හැක.



    පළමු ක්‍රමය








    දෙවන ක්‍රමය 




    රත්වූ තෙලට කමනු කුලව Loukoumades දමා රන් වන් පැහැය වනතුරු බැඳ ගන්න(තච්චිට ගොඩක් ගොඩකර නොගෙන කමනු කුලව ඉඩ සහිතව බැඳ ගන්න)







     එසේ බැඳ ගත් Loukoumades උණු උණු වේම පැණි වක් කොට වෝල්නට් හා ඉතිරි කුරුඳු කුඩු ඉස  උණුසුම්ව පිළි ගන්වන වන්න  (මේ සදහා කබලේ බැදගත් ,අමන්, කජු හෝ රටා කජු භාවිතා කල හැක)







    රස විද බලන කොතරම් රසවත් කියා.

    රස විද බලන්න කොතරම් රසවද කියා අමතක නොකරන්න අපට like හෝ comment කරන්න හැකිනම් මිතුරන් අතරේ share කරන්න



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Loukoumades ලොකුමාදිස් Greek Donuts with sweet Honey Rating: 5 Reviewed By: Admin
    Scroll to Top