728x90 AdSpace


  • Latest News

    Monday, March 6, 2017

    Masala Dal Fry Curry මසාලා තේමිපරාදු පරිප්පු කරිය.




    Masala Dal Fry Curry
    මසාලා තේමිපරාදු පරිප්පු කරිය.




    ඉන්දියාවේ ආපන ශාලාවල අතිශ්‍යන් ජනප්‍රිය Masala Dal Fry Curry ,බත් ,පාන්,පරාට,පුරි,චපාති,පිට්ටු ,ඉදිආප්ප,වැනි ආහාර සමග රස බැලිය හැකී රසවත් කාරියකි.ඉතාමත් ලේසියෙන් නිවසේදීම සකසා  රස විදිමු.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    කඩල පරිප්පු (පොඩි පරිප්පුද භාවිතා කළ හැක) ග්‍රෑම් 200 යි.


    ලුනු පොඩියට කපාගත් ග්‍රෑම් 100 යි.


    තක්කාලි පොඩියට කපාගත් ග්‍රෑම් 100 යි.


    ඉඟුරු අඹරගත් අඟලක පමණ කැබැලක්.


    සුදු ලුණු අඹරගත් ග්‍රෑම් 50 යි.


    බටර් ග්‍රෑම් 20 යි.


    කහ කුඩු මේස හැඳි 1යි.


    මිරිස් කුඩු මේස හැඳි 1 ½ යි.


    කොත්තමල්ලි කුඩු තේ හැඳි 1යි.


    සුදුරු කුඩු තේ හැඳි ½ යි.


    ගරම්මසලා තේ හැඳි 1 ½ යි.(දේශීය තුනපහ භාවිතා කල හැක නමුත් රස වෙනස්වේ)


    මුඳවපු කිරි කෝප්ප 1 ½ යි.


    කරපිංචා


    රම්පේ අවශ්‍ය නමි භාවිතා කල හැක සුවද රසය වැඩිවේ.


    සුදුරු සුවල්පයක්


    අබ තේ හැඳි ½ යි.


    කොත්තමල්ලි කොළ සුවල්පයක් (පොඩියට කපාගත්)


    රස අනුව ලුණු


    තේමිපරාදු සදහා අවශ්‍ය ද්‍රව්‍ය:



    ගීතෙල් මේස හැඳි 02 යි.

    ලුණු ,සුදුලුනු කපාගත් සුවල්පයක්


    වියලි මිරිස් කරල් කිහිපයක් (පොඩියට කඩ ගත්)


    අබ සුවල්පයක්


    සාදන ක්‍රමය:

    කඩල පරිප්පු හොඳින් පොඟවා ගන්න.කහ සහ මිරිස් කුඩු  සුවපය බැගින් එකතු කොට වතුර හිදෙන තෙක් හොඳින් තම්බා ගන්න





    වොක් පෑන් එකක් හෝ පෑන් එකක් උඳුන මත තබා බටර් එකතු කරන්න. බටර් රත් වනවිට අබ ,සුදුරු,කරපිංචා ,රම්පෙ එකතු කරන්න.


    ඉඟුරු,සුදුලුනු ,ලුනු එකතු කර ගන්න හොඳින් තෙම්පරාදු වනවිට තක්කාලි එක්කර ගන්න. ලුණු , කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, සුදුරු කුඩු, ගරම්මසලා එකතු කර ගන්න හොඳින් මිශ්‍ර කර තෙල් පැදෙන තුරු පිස ගන්න.



    තෙල් පැදෙනවිට මුඳවපු කිරි එකතු කර ගන්න හොඳින් මිශ්‍ර කර ගන්න උතුරන තෙක් මිශ්‍ර කරමින් පිස ගන්න.රස අනුව ලුණු එකතු කරගන්න


    පිසගත් පරිප්පු එකතු කොට වීනාඩ් කිහිපය පිස ගන්න.පොඩියට කපාගත් කොත්තමල්ලි කොළ එක් කර ගන්න




     කුඩා පෑන් එකක් උඳුන මත තබා  ගීතෙල් එකතු කර ගන්න රත් වනවිට  අබ එකතු කර ගන්න අබ පුපුරන විට සුදුලුනු,ලුණු එකතු කර ගන්න බැදෙන විට  වියලි මිරිස් එක් කර ගන්න හොඳින් තෙම්පරාදුවූ මිශ්‍රණය සකසා ගත් මසාලා පරිප්පු කාරියට එකතු කර ගන්න.





    උණුසුම්ව පිළි ගන්වන්න


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Masala Dal Fry Curry මසාලා තේමිපරාදු පරිප්පු කරිය. Rating: 5 Reviewed By: Admin
    Scroll to Top