728x90 AdSpace


  • Latest News

    Wednesday, March 15, 2017

    Chinese Light Egg Fried Rice Healthy Chinese recipes චායිනිස් ලයිට් එග් ෆයිඩ් රයිස් චීන බිත්තර මිශ්‍ර තෙම්පරාදු බත

    Chinese Light Egg Fried Rice
    Healthy Chinese recipes
    චායිනිස් ලයිට් එග් ෆයිඩ් රයිස්
    චීන බිත්තර මිශ්‍ර තෙම්පරාදු බත




    චීන ජාතිකයන් මෙන්ම අප අතර ද ඉතා ජනප්‍රිය චීන ආහාර අතර  Light Egg Fried Rice අපි නිවසේදීම කිසිදු රස කාරක නොමැතිව පිරිසිදුව නියම healthy chinese recipes සකස් කොට රස විදිමු. බලන්න අපි වෙළද පොළෙන් මිලදී ගනු ලබන Fried Rice කොතරම් වෙනද එසේම මෙය අතිශ්‍යන් ගුණදායකය වේ. ඔබ නිවසේදීම සකසා බලන්න මෙය කොතරම් රසව ද කියා එසේම කොතරම් අඩු තෙල් ප්‍රමණයක් ද භාවිත කර පිසිය හැකී ද? අපි වෙළදපොලේන් මිල දී ගනු ලබනේ තෙල් වලින්  කර කරන ලද සියලුම පෝෂණය කොටස්  ඉවත් වූ ආහාර වේලකි,චීන ජාතිකයන මෙම  කැම වට්ටෝරු සඳහන් කරනේ healthy Chinese recipes(පෝෂණය පිරි ආහාර වේලක් ) ලෙසයි අපි අනු භාව කරන Fried Rice රෝග රැසකට අත වනයි , රුපසටන් අනුව සකස් කර  බලන්න ඔබට එහි වෙනස වට හා ගත හැක.  

    අවශ්‍ය ද්‍රව්‍ය :

    බිත්තර  04 යි .(මෙය ඔබගේ රුචිය අනුව අඩු වැඩි කර ගත් හැක )


    ඉඟුරු මේස හැඳි 02 යි (හොඳින් පිරිසිදු කොට පොඩියට කපා ගත් )


    ලයිට් සෝයා සෝස් (light soy sauce) මේස හැඳි 1 ½ යි.


     නැවුම්ව පිස ගන්නා ලද බාස්මති බත් ග්‍රෑම් 300 යි. (freshly cook basmati, jasmine, long-grain rice, or samba )


    රට කජු  තෙල් (groundnut oil) මේස හැඳි 02 යි.


    ලුනු කොළ බල්බයත් සමග පොඩියට කපා ගත් 02 හෝ 03 ක්.


    තල තෙල් තේ හැඳි ¼ යි.(බිංදු කිහිපයක් ) (sesame oil)


    රස අනුව ලුණු හා ගම්මිරිස්


    සාදන ක්‍රමය:

    බිත්තර ,ඉඟුරු හා සොයා සෝස් වලින් භාගයක් එකතු කොට හොඳින් බිටි කරන්න (තට්ටු  කර ගන්න)


    ඔබට wok පෑන් එකක් ( එකක් අත්නම් වඩාත් සුදුසුයි චීන ආහාර සැකසිම සදහා) හෝ තරමක විශාල පෑන් එකක් ළිප මත තබා වැඩි ගින්දරේ තෙල් ටික රත් කර ගන්න.






    ගසා ගත් බිත්තර මිශ්‍රණය එකතු කර ගන්න හොඳින් හැඳි ගාමින් විනාඩි ½ පමණ පිස ගන්න බිත්තර (ස්කෑම්බල්) සිනිදු පොඩි කොටස් වලට වෙන් වන තෙක්.රුප සටන් අනුව .


    එම මිශ්‍රණයට පිස ගත් බත්  මිශ්‍ර කරන්න,ඉන් පසු ලුනු කොළ පොඩි කොටසක් ඉතිරි කොට ඉතිරි කොටස එකතු කොට හොඳින් මිශ්‍ර කර ගන්න.(සියල්ල කල යුත්තේ වැඩි ගින්දරේය අඩිඇල්ලීමට නොදී හොඳින් හැඳි ගන්න)





    තල තෙල් ටික එකතු කර ගන්න ඉන්පසු ඉතිරි සොයා සෝස් එක් කර ගන්න. විනාඩි 1 හෝ 3 හොදින් මිශ්‍ර කර ගත් යුතුය( එනම් බත් ඇට උඩ පනිනු ඇත හරි පදම එයයි)


    එයට ඉතිරි කර ගත් ලුනු කොළ, ලුණු හා ගම්මිරිස් රස අනුව එකතු කරන්න.


    ඔබගේ Chinese Light Egg Fried Rice ලස්සන පිඟානක ඇසුරා අලංකාර කොට උණු උණු වේම රස බලන්න ඔබට සැබැ වෙනසක් දැනේවි. කොතරම් රසවද කියා. 

    අමතක නොකරන්න අපට like හෝ comment කරන්න .ඔබට හැකිනම් මිතුරන් අතරේ share කරන්න 
      




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Chinese Light Egg Fried Rice Healthy Chinese recipes චායිනිස් ලයිට් එග් ෆයිඩ් රයිස් චීන බිත්තර මිශ්‍ර තෙම්පරාදු බත Rating: 5 Reviewed By: Admin
    Scroll to Top