නමුත් ලෝකයේ
රටවල් බොහොමයක් දෙළුම් වගා කෙරේ.දෙළුම් අයත් වන්නේ Punicaceae නම් වූ කුලයට ය.උද්භිද විද්‍යාත්මකව Punica granatum නමිවේ.
දෙළුම් ශාකයේ ඵලය පෝෂ්‍යදායී
මෙන්ම ඖෂධීය ගුණයෙන් පිරි පලතුරකි.දෙළුම් ශාකයේ
සියලුම කොටස් ඖෂධීය වටිනා කාමීන් යුත්තය.දෙළුම්
ඵලයේ සහ ශාකයේ ඖෂධීය රසායනික සංඝටක රෙසක්
අඩංගුවේ.අපගේ යුර්ව්වේදයේ සදහන් පරිදි හොඳට පැසි ඉදුණු දෙළුම් ගෙඩියක මද තුන් දොස
ම සමනය කරයි.
සෝඩියම්,පොටෙසියම්,ප්‍රෝටීන්,යකඩ,මැග්නීසියම්,විටමින්
(C,B-6,K)
වෙනි වටිනා ඖෂධ අඩනගු වේ.
මතක
ශක්තිය වර්දනය කරයි.
පිළිකා වැලදීම්
පාලනය කරන අතර ශේයිල විනාශ කරයි.
කාන්තාවන්ගේ
පියරු පිළිකා මර්දනය කරයි.
හෘදය,මොළය සහ
නාඩි ව්‍යුහය ශක්තිමත් කරයි.
ශරීරයේ දුබලතා නසා ශරීරය ශක්තිය ගෙනදෙයි.
බුද්ධි ශක්තිය
වර්දනය කරයි.
රෝගීවී අතිශයෙන් දුබල වූවන්ට ඉදුණු
දෙළුම් යුෂ ඉතා ශක්තිජනකපානයකි.
උණ සහ අතීසාර
රෝගයෙන් පෙලෙන අයට දීමෙන් මුඛ විසරතාව, කුසගින්න අඩුකම හා ශරීර දුබලතාවය දුරුවේ.
නිතරම ඇදුම
රෝගයෙන් පෙළෙන අයට ද පෙනහලුවල ශක්තිය රැක ගැනීමට බෙහෙවින් ගුණදායක වේ.
දෙළුම් කොළ ඇස්
රෝග සුව කරන මහගු ඖෂධයකි.ඇස් රතුවීම, ඇස්
දැවිල්ල, ඇසට රොඩු ගියවිට,නගනයන ආ විට දෙළුම් පත්‍රයන් තම්බාගත් ජලයෙන් ඇස් සේදීම ඉතාමත්
ගුණදායකය .
ගැස්ට්‍රටිස්
රෝගයෙන් පෙලෙන අයගේ බඩේ දැවිල්ල ක්ෂණිකව නැතිකිරිමටද මෙම ශාකයට හැක,ඒ සදහා දෙළුම්
ඇට පිරිසිදු රෙදි කැල්ලකින් මිරිකා යුෂ මී පැණි හා ලුණු පොල් කට්ටේ බැඳෙන ලුණු ස්වල්පයක් සමග පානය කිරීම යෝග්‍ය වේ .
තවද දෙළුම්
ලෙලි වියලා කබලේ බැද කුඩුකර දිනකට දෙවරක් දත් මැදීමෙන් විදුරුමස් දියවීම, විදුරුමස්වලින්
ලේ ගැලීම, කටේ තුවාල, දත් පණුවන් කෑම වැනි රෝග සඳහා මෙය මහගු ඖෂධයකි.
දෙළුම් වල ඇති
Polo phenols නම් රසායනික ද්‍රවණය නිසා මිනිසාගේ රුධිර
නලවල බැඳෙන තෙල් දැඩි ලෙස වැලකෙන බව පර්යේෂණ වලින් ඔප්පු කර ඇත එබැවින් හෘර්ද ආශ්‍රිත
රෝගවලට හොඳ ඖෂධයකි.
දෙළුම ඇටවල
ඇති ප්‍රතිශක්තිකරන ශක්තිය ඇති නිසා දෙළුම් ඇට දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබ වයසට යාම
වලකා ඔබේ ශරීරයේ තරුණ බව මානව රැක දෙනබව පුරාන පොතපතේ සඳහන් වේ .
දෙළුම් යුෂ
දිනපතා සිනි ස්වල්පයක් සමග පානය කිරීමෙන් ඔබේ කටහඬේ ඇති ගොරහැඩි බව දුරු කර මීහිරි
බව රැක ගැනීම සඳහා.
දෙළුම් ගෙඩියේ
පොතු සම පෙහෙපත් කරන රුපලවනිය මහගු
ඖෂධයකි.
ආහාර සැකසිමේදී
සලාද සදහා බාවිතා කරන අතර ආහාර අලංකරණය
සදහා බාවිතා කරයි.
ඖෂධලෙස:-
නාසයෙන් ලේ
යනවට-
දෙළුම් යුෂ
බින්දු 5 පමණ නාසයට දමන්න.
අර්ශස් නිසා
ලේ යනවාට-
දෙළුම්ගෙඩියේ
ලෙලි කලන් 12 ක් වතුර පත 8 පත 1ට සිද පත බාගය බැගින් වියළි ඉගුරු කුඩු මංචාඩ් 5 ක්
සහ මිපැණි තේ හැන්දක් දමා උදේ හවස බොන්න.
කට තොල් පැලීම,දතමුල්
දියවීම් සහ උගුරේ ආබාධවලට:-
දෙළුම් ගසේ
පොතු,කොළ දෙවර්ගය තෙම්බු වතුරෙන් කට සෝදන්න.
අරුච්යට:- ඉදුණු දෙළුම් මද යුෂ,සවිධ ලුණු ස්වල්පයක් හා
මී පැණි සමග මිශ්‍ර කර ටික ටික බොනන්.
අතීසාරයට:-
ළපටි දෙළුම් ගෙඩි, උණු අළුපල්ලේ තම්බා කොටා මිරිකා ගත්
යුෂ මී පැණි සමග වරකට අවුන්සය බැගින් බිම.දෙළුම් මල් අවුව්වේ වියලා තම්බා පානය
කිරීම.
0 comments:
Post a Comment