728x90 AdSpace


  • Latest News

    Thursday, February 16, 2017

    Eggless Jagger & Dates Cake බිත්තර නොමැති හකුරු සහ රට ඉඳි කේක්



      
    Eggless Jagger & Dates Cake
    බිත්තර නොමැති හකුරු සහ රට ඉඳි කේක්




    බිත්තර නොමැතිව හා සම්පුර්ණ තිරිඟු පිටි වලින් සකසන මේ රසැතී කේක් එක අතිශයන් පෝෂණ ගුණයෙන් අනුනයි.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    සම්පුර්ණ තිරිඟු පිටි ග්‍රෑම් 250 යි(හෝල් විට් ෆ්ලවර්)

    හොඳ රටා ඉඳි ග්‍රෑම් 300  හෝ රට ඉඳි 40 පමණ


    සම්පුර්ණ යොදය සහිත කිරි තේ කෝප්ප 02 යි.


    හොඳ කිතුල් හකුරු කෝප්ප 02 යි.


    දිය කරගත් බටර් කෝප්ප ½ යි.


    බේකින් පවුඩර් තේ හැඳි 01 යි.


    බේකින් සෝඩා තේ හැඳි ½ යි.


    වැනිල තේ හැඳි 01 යි.


    සිහින්ව කපාගත් සුල්තානා,වියළි ඉඟුරු, වියළි අඹ, වියළි අන්නාසි  හා චෙරි කෝප්ප ½ යි.


    කෑලී කජු මේස හැඳි 02 යි.


    කරදමුංගු හා කුරුදු තේ හැඳි ½ යි.



    සාදන ක්‍රමය:

    රට ඉඳි  ඇට ඉවත් කරගන්න.



    හකුරු සිහින්ව ගාගන්න.




    කේක් බේක් කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයේ අඟල් 8 යි 8 ටේ පෑන් එකක් බටර් තවරා තෙල් කඩදාසි තවරා සකස් කර ගන්න .





    ඔබගේ උදුන විනාඩි 10 පෙර උණුසුම් කර ගන්න.


    කිරි මද ගින්නේ උණුසුම්  කරගන්න එයට තරමක් කෑලී කපාගත් ඉඳි එකතු කර ගන්න .හකුරු හා බටර් එකතු කර හොඳි කවලම් කර ගන්න,බේකින් සෝඩා එකතු කර ගන්න.





    හොඳින් සිසිල් වූ පසු හොඳින් බිට් කර ගන්න,එයට වැනිල එකතු කර ගන්න


    බේකින් පවුඩර් හා පිටි එකතු කොට හොඳින් හලා ගන්න,හලාගත් පිටි මිශ්‍රණය ටික ටික එකතු කරමින් ස්පැතියුලා එකකින් හොඳින්  ෆෝල්ඩ් කරමින් මිශ්‍ර කර ගන්න.




    පොඩියට කපා ගත් වියලි පලතුරු හා කජු මිශ්‍ර කර හොඳින් ෆෝල්ඩ් කරමින් මිශ්‍ර කර ගන්න.
    එම මිශ්‍රණය කලින් සාකස් කර ගත් පෑන්  එකතු කර ගන්න.


    හොඳින් සමතලා කර ගන්න. පෑන් එකට හොඳින් තට්ටු   කරන්න හොඳින් වායු බුබුළු ඉවත් වීමට.




    කලින් උණුසුම් කර ගත් අංශක 180°අවන් (උදඳුනක) විනාඩි 30 හෝ 40 බේක් කර ගන්න (පුළුස්සා ගන්න)  

    සිසිල් වූ පසු රස විදින්න.



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: Eggless Jagger & Dates Cake බිත්තර නොමැති හකුරු සහ රට ඉඳි කේක් Rating: 5 Reviewed By: Admin
    Scroll to Top